(විනීතා එම්. ගමගේ)

ආපදා සහනාධාර ලෙස විදේශ රටවලින් ලැබෙන මූල්‍යාධාර සියල්ලම නිවාස අහිමි වූවන්ට  නිවාස ඉදිකර දීම සඳහා යෙදවීමට කැබිනට් මණ්ඩලය අද තීරණය කළ  බව වරාය හා නාවික  කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

එම නිවාස ඉදිකිරීම් වලදී මීතොටමුල්ල, සාලාව, අරණායක ඇතුළු මෑතකදී ආපදාවට පත් සියලු ස්ථානවල නිවාස අහිමිවූවන්ට නිවාස ඉදිකර දීමට කටයුතු කිරීමට තීරණය කළ බවද ඇමතිවරයා පැවසීය. 

රටවල් 44 කින් ආපදා සහනාධාර ලබාදීමට පොරොන්දු වී ඇති අතර රටවල් 30 කින් පමණ ආධාර මේ වනවිටත් එවා ඇති බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීයැයි ද සමරසිංහ මහතා කීවේය. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව පැවසූවේය.