(රොමේෂ් මධුෂංඛ)
වවුනියාව පාවක්කුලම, සූඩුවෙන්දපිලව් වැවේ ආසන්නයේ වනසතුන් වෙනුවෙන් අටවා තිබූ විදුලි රැහනක පැටලීමෙන් මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු අද (16) උදෑසන හමුවූ බව වවුනියාව පෙරියඋළුක්කුලම පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ වවුනියාව සූඩුවෙන්දපිලව් ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි එස්.මුස්තාපා හා වයස අවුරුදු 15 ක් වු එම්.සයාස් යන වේ.
සූඩවෙන්දපිලව් වැව ආසන්නයේ කිසියම් පුද්ගලයකු විසින් අදාළ විදුලි රැහැන් ඇද ඇත්තේ වනසතුන් මැරීමට වන අතර එම විදුලි රැහැන් පිළිබඳව නොදත් පියකු හා පුතෙකු එම ස්ථානයෙන් අද (16) අලුයම ගමන් කිරීමට ගත් උත්සහයකදී මෙම විදුලි රැහැන්වල පැටලී මෙම මරණයන් සිදුව ඇති බවට පෙරිය උළුක්කුලම් පොලීසිය පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලි රැහැන් අදින පුද්ගලයන්ට දැඩි දඬුවම් දියයුතුයි.