(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ජල විදුලිබල බලාගාර ආශ්‍රිත ජලාශවලට වැසි නොලැබුණත් ඉදිරියේ විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් නොගන්නා බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පැවසීය.
‘අපි ආඩම්බර වෙනවා අපේ යහපාලන ආණ්ඩුව ආවට පස්සේ ජල විදුලියට අමතරව සුළං විදුලි සහ සුර්යබල විදුලි බලාගාර ඉදිකිරීම් වලට අදාලව පළමු වතාවට මෙරට ප්‍රථම සුළං විදුලිබල ටෙන්ඩරය සහ සුර්යබල විදුලි ටෙන්ඩරය ඉතා විවෘතව ස්වාධීනව ක්‍රියාත්මක කරනවා.'
එමගින් රුපියල් 19 කට තිබුණ මිලදී ගැනීමේ සුළං විදුලිබල ඒකකය රුපියල් 12.29 කට අඩු කර ගන්න මෙන්ම රුපියල් 23.10 කට තිබ්බ සුර්යබල විදුලි ඒකකය රුපියල් 17.01 කට අඩු කර ගන්නත් අපිට හැකි වුණා. එය විශාල ජයග්‍රහණයක්, මේ රටේ පුරවැසියාගේ ජයග්‍රහණයක්.’ යැයි ඇමැති අජිත් පැවසීය.

COMMENTS
මේ මිනිස්සු කියන දේවල්වලට මේ තියෙන වැස්සත් නවතිනවා.
ඊ.පී .එෆ්. පොලියට ටැක්ස්, ෆෝන් කෝල් වලට 50% ටැක්ස්, බැංකු පොලිය ගිනි පොළී කරුවන්ටත් සමාන වෙලා. බිස්නස් කරන අය ණයට 24% පොළියට ණය අරගෙන ලාභ තියාගෙන බිස්නස් කරන්නත් ඕනේ... බැංකු කරුවන් ආණ්ඩුවේ ටැක්ස් වලට මුවා වෙලා බිලියන ගණන් ලාභගන්න කොට කොන්තරාත්කරුවන්, බිස්නස්කරුවන් පාඩු ලබනවා. කොහොමද මොලේ වැඩ? ඔක්කොම වාට්ටු, විදුලි බිලත් වැඩි කරලා ඔබතුමන්ලා සැපට ඉන්නකෝ...
වැඩි කලත් නැතත් ඊළඟ ඡන්දෙන් නම් ඔබතුමාලාට සමාවක් හම්බ වෙන එකක් නෑ... මේ කරන වැඩ වලට....
අනේ වැඩි නොකරනම් ඉන්න එපා.. කොහොමහරි කමක් නැ වැඩි කරන්න..තාමත් ඔබ තුමන්ලා වෙනුවෙන් කඩේ යන අම්බරුවෝ ටිකක් ඉන්නවා.. ඒ නිසා කොච්චර වැඩි කලත් කමක් නැ
මෙතුමා මොනවා වුණත් ආඩම්බර වෙයි. මාර වැඩ ගොඩක් කරන්නේ රටට නම්....