ඩයනා උදයංගනී
විදුලි බලාගාර ආශ්රිත ජලාශයන්ට තවමත් ප්‍රමාණවත් තරම් වැසි ලැබී නොමැති බැවින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ජලාශවල ජල මට්ටම තවමත් සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් නොමැති බැවින් විකල්ප බලශක්ති උපයෝගී කරගනිමින් විදුලිය නිෂ්පාදනය කිරීමට සිදුව ඇතැයි ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේය
COMMENTS
නිදහස ලැබිලා අවුරුදු හැත්තෑවකටත් කිට්ටු වුණා. තවම බැරිවුණා. මේ මහපොළොවට වැටෙන වතුර ටික කළමනාකරණය කරගන්න. බලයට එනවා යනවා..
ඇමැතිතුමාත්, ලංකාදීප ඔන්ලයින් බැලුවා නම් නිවැරදි දත්ත බලාගන්න පුළුවන්.. මීලඟ ප්‍රවෘත්තිය බලන්න...
අද තවත් ප්‍රවෘත්තියක් තිබුනා නේද විදුලි බලාගාර ආශ්රිත ජලාශ 99% පිරී ඇති බව කියා? දකුණු අත දන්නේ නෑ වම් අත කුමක් කරනවාද කියා !
කරුවලේ ඉඳලා හරි ඉතුරු කරන්න. මේ අවුරුද්දේ ඩියුටි ෆ්‍රී කාර් බෝනස් ගන්නත් සල්ලි මදි වුණා. ලබන අවුරුද්දෙත් ඒක ගන්න බැරි වුණොත් අපිට අනික් පැත්තට පනින්න වෙනවා.
එතකොට දැන් පිටාර මට්ටමටම අවිල්ලද?
සියලුම ජලාශ 92% වඩා පිරි ඇති බවනේ තියෙන්නේ... ඇමතිතුමා ඒ ගැන දන්නේ නැතිද?
අපි ඔබතුමන්ලාගෙන් ඉල්ලා සිටින්නේ කෝටි තුන, හතරේ වාහන ගන්නේ නැතුව ඩබල් කැබ් රථයක් පමණක් පාවිච්චි කරන ලෙසයි.
ජලාශ වල ජලමට්ටම් ප්‍රමාණවත් පරිදි තියෙනවා.
මට හිතා ගන්න අමාරු ඇමතිතුමා කතා කරන්නේ හීනෙන්ද? නැත්නම් වෙන රටක ඉඳලද කියලා....
විදුලිය පිරිමසින්න කියනව නං ඇයි ලංකාවේ විදුලි මෝටර් රථ ප්‍රවර්ධනය කරන විදියට කටයුතු කරන්නේ..
නිකන් ලැබෙන වැස්ස දිහා බලා ඉන්නේ නැතුව පරමාණු බලශක්තියට යොමුවෙන්න.. ඒ සඳහා අවශ්‍ය දැනුම සහිත පිරිසක් ලංකාවේ කාලයක සිට ඉන්නවා. ඔවුන්ගේ දැනුමෙන් වැඩක් ගන්න අනාගතය සඳහා දැන්වත් ආයෝජනය කරන්න.
ඇමතිතුමා, ඔබතුමාත් යහපාලනය හින්දා විහින් අමාරුවේ වැටුණාවත්ද? පාලකයින් අධර්මිෂ්ඨ වෙනකොට ස්වභාව ධර්මයෙන් මෙවන් විපත් වෙනවා. ආයෙත් පාර්ලිමේන්තු යන්න හිතෙනවා නම් යහපාලනයට බායි කියන්න....