(ඉන්දිකා රාමනායක)
 
විදුලි බලමණ්ඩලයේ සේවකයින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් පීඩාවට පත් පාරිභෝගිකයින්ට විදුලිය ලබා දීමේ කටයුතු සඳහා යුද හමුදාවේ 765ක් සුදාමින් සිටින බව හමුදා ප‍්‍රකාශක මේජර් ජනරාල්  රෝෂාන් සෙනවිරත්න මහතා පවසයි.

හමුදාවට  කැඳවීමක් සිදුකළ හොත්  මෙම පිරිස සේවයට   යෙදවීම  සදහා කඳවුරුවල සීරුවෙන් තබා ඇති බවද හමුදා ප‍්‍රකාශකවරයා කියයි.
මෙම පිරිස අතර පස්දෙනා  වශයෙන් කණ්ඩායම් 153ක් සිටින බවද හමුදා ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

විදුලි සේවකයින්ගේ වර්ජනය හේතුවෙන්  දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක විදුලි   බිඳ වැටීමෙන් පාරිභෝගිකයින් අපහසුතාවට පත් වී තිබුණි.