IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


වෛද්‍ය නාමල් ගමගේ හෘද සැත්කම් වලින් ඉවත්වෙයි

(ජේ.කේ.එල්.චාමින්ද සහ සුමතිපාල දියගහගේ)
 
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය  නාමල් ගමගේ මහතා අද (16) හෘද සැත්කම් කිරිමෙන් ඉවත්ව සිටි අතර මේ පිළිබඳ ඔහු රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතා වෙත දැනුම් දී තිබේ.


කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද ශල්‍ය දැඩි සත්කාරක ඒකකයේ අක්‍රීය වී ඇති   මධ්‍යම වායු සමීකරණ පද්ධතිය සකස් කර දෙන ලෙස ඉල්ලමින්  නාමල් ගමගේ මහතා  හෘද සැත්කම් කිරිමෙන් ඉවත්වීමට තීරණය කරනු ලැබීය.


හෘද රෝගීන්ගේ ආරක්ෂාව සඳහා  විශේෂඥ වෛද්‍යවරයා විසින් මෙම තීරණය ගෙන ඇත. මධ්‍යම වායු සමීකරණ පද්ධතිය සවි කිරිම පිළිබඳ පිළිගත හැකි නිශ්චිත විසඳුමක් ලබාදෙන තෙක්  නාමල් ගමගේ වෛද්‍යවරයා විසින් හෘද සැත්කම් කිරිමෙන් ඉවත්වීමට තීන්දුකර ඇති බවද පැවසේ. 


නාමල් ගමගේ මහතා හෘද සැත්කම් කිරිමෙන් ඉවත් වුවද හෘද රෝග සායන  සඳහා මෙන්මවාට්ටුවේ කටයුතු වල නිරත වේ. නාමල් ගමගේ වෛද්‍යතුමා හෘද සැත්කම් කිරිමෙන් ඉවත්වීමට තින්දුකර ඇති නිසා අද (16)  හෘද සැත්කම් කළ යුතු රෝගීන් ඒ සඳහා සුදානම් කර තිබුණේ නැත.


හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා විසින්  දිනකට හෘද සැත්කම් තුනක් හෝ හතරක් පමණ සිදු කරන අතර සතියකට හෘද සැත්කම් දහයක් හා දොළහක් අතර ප්‍රමාණයක් සිදුකරනු ලබයි. 


පසුගිය මාසයේ නාමල් ගමගේ වෛද්‍යතුමා විසින් හෘද සැත්කම් 43ක් සිදුකරනු ලැබීය. කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් කුහර ඒකකයේ  නාමල් ගමගේ වෛද්‍යතුමාට අමතරව හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ට්‍රෙලුෂා හරිස්චන්ද්‍ර මහත්මියද හෘද සැත්කම් සිදුකරන්නීය.  


නාමල් ගමගේ වෛද්‍යතුමා සතියේ දිනවල සදුදා හා අගහරුවාදා යන දිනවල හෘද සැත්කම් කරණ අතර ට්‍රෝලුෂා හරිස්චන්ද්‍ර වෛද්‍යතුමිය විසින්  බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල හෘද සැත්කම් සිදු කරන්නීය. බදාදා දිනවල සතියක් හැර සතියක්  වෛද්‍යවරු දෙදෙනා විසින් හෘද සැත්කම් සිදුකරති. 


මීට අමතරව නාමල් ගමගේ වෛද්‍ය තුමා විසින් සතියේ දින පහේම අළුයම හෘද සැත්කම් එකක් හෝ දෙකක් සිදුකරති.


මෙකී ප්‍රශ්නය මුල්කරගෙන හෘද හා උරස්කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය  නාමල් ගමගේ මහතා හෘද සැත්කම් කිරිමෙන් ඉවත් වීමට තීන්දු කළද ට්‍රෝලුෂා හරිස්චන්ද්‍ර වෛද්‍යතුමිය හෘද සැත්කම් කිරිමෙන් ඉවත්වීමට තීන්දු කර නැත. මේ පිළිබඳ ට්‍රෝලුෂා හරිස්චන්ද්‍ර වෛද්‍යතුමියගෙන් අප කළ විමසුමකදී මෙසේ කීවාය.



අදහස් (7)

වෛද්‍ය නාමල් ගමගේ හෘද සැත්කම් වලින් ඉවත්වෙයි

Perakum Monday, 16 July 2018 11:16 AM

ඕක මන්ත්‍රී තුමාගේ නැත්නම් පෞද්ගලික ලේකම්ගේ නිල නිවාසේ උනානම් පැය 24න් වැඩේ වෙනවා.

:       2       282

nimal Monday, 16 July 2018 02:04 PM

ඊට වඩා ඉක්මණට වෙනවා අනියම් බිරිඳගේ වුණානම් !!!

:       0       210

ChamindaWednesday, 18 July 2018 04:49 AM

ගොන් කතා කීම කලාවක් නම් නිමල් එහි පිකාසෝ වෙයි. නිමල් නරකද පොඩ්ඩක් මොලේ චෙක් කර ගත්තනම්. රාජිත කියල මැටි මෝල් ගහක් ඉන්නවා නේද පින්ගුතරය වගේ කකා බිබී. ඒකව ඕකට දාල ඔපරේෂන් එකක් කරා නම් ඕන කරන සේරම පහසුකම් ටික හදයි.

:       0       0

sanath Monday, 16 July 2018 05:20 PM

බොහොමයක් රජයේ රෝහල්වල වෛද්‍යවරු වැඩකරන්නේ හරියට නඩත්තු නොකරන නිසා අබලන් වුන ශල්‍යාගාර සහ උපකරණ භාවිතා කරමිනුයි. එයාර් සීල් කරපු ශල්‍යාගාරයක මධ්‍යම ශීතකරණය වැඩ කරනේ නැත්නම් කාමරයේ වාතය වැරදි ආකාරයට සංසරණය වනනිසා කැපුම් තුවාල අසාදනය වීමෙන් රෝගියාගේ ජීවිතය පවා අහිමිවිය හැකියි.

:       0       204

ter Monday, 16 July 2018 08:08 PM

අපි ගෙවන බදු වලින් තව සැප විඳින්න, අනේ මෙහෙමත් රටක්.

:       0       0

makara Monday, 16 July 2018 10:59 PM

අපේ රටට ගිය කලක්

:       0       0

සන්ධ්‍යා කුමාරි Sunday, 12 February 2023 11:20 AM

නම්බරයක් ඕනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 175 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 241 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1119 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site