( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අධිකරණයට අපහාස කළා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට ලබන 22 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය විසින් අද (05) සිතාසි නිකුත් කරන ලදී.
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම්) ලබා දෙන වෛද්‍ය උපාධිය පිළිගෙන, එම උපාධිය ලබාගත් සිසුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය විසින් ඉකුත්දා දුන් තීන්දුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය විසින් විචේනය කිරීම හේතුවෙන් අභියාචනාධිකරණ අධිකාරි බලය හෑල්ලුවකට ලක් කර ඇතැයි සඳහන් කරමින් ඒ පිළිබඳ විභාගයක් පවත්වා ඔහුට සුදුසු දඩුවමක් නියම කරන ලෙස ඉල්ලා සිවිල් සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙක අභියාචනාධිකරණයට ගොනු කළ පෙත්සම අද (05) සලකා බැලූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දෙන ලදී.
පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ සහ එස්. තුරෙයිරාජා යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවිණි.
සාධාරණ සමාජයක් උදෙසා වන ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු වන මහාචාර්ය සරත් විජේසූරිය සහ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණි වියන්ගොඩ මහත්වරුන් විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා නම් කරනු ලැබ සිටිති.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට කරුනු දක්වමින් කියා සිටියේ සයිටම් ආයතනයට උපාධි පිරිනැමීම සඳහා බලයක් ඇති බව ප්‍රකාශ කර තිබියදී ,ඉකුත් 07 වැනිදා කොළඹදී පැවති මහජන සම්මන්ත්‍රණයකදී වගඋත්තරකාර වෛද්‍යවරයා එම නඩු තීන්දුව විවේචනය කරමින් කරුණු දක්වා ඇති බවය.
එමඟින් වගඋත්තරකාර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා අධිකරණයට බරපතල අපහාසයක් කළ බවත් ,එයින් අධිකරණය කෙරෙහි පවතින මහජන විශ්වාසය පළුදු කිරීමට කටයුතු කර ඇති බවත් පෙත්සම්කාර නීතීඥවරයා පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජනතාවගේ විශ්වාසය නැතිවෙලා ගොඩාක්කල් අමුතුවෙන් නැතිවෙන්න දෙයක් නෑ....
එස්.බී. ට දුන්න තීන්දුවම දුන්නා නම් හරියට හරි...
ගිය සැරේ ස්ට්‍රයික් එකේදී වගේම අදත් නවලෝක රෝහලේ වැඩ. මේක දැනගන්න පුළුවන් එම රෝහලෙන්ම සාක්කි අවශ්‍යනම්. මේ වගේ වැඩ වැරදියි මේ අය දොස්තරලද
චැනල් එක එහෙත් දාගන්න පුළුවනි නොවැ....
ඔය අධිකරණයට අපහස කරන්නේ වැඩිපුරම විනිශ්චය කරුවන්ම තම රටේ මහජන මුදල් ... මහදවල් පෙනී පෙනී මංකොල්ල කාපු අයට අප දෙන්නේ කවුද අපිද ? ඇප දීලා ඔය ශෝක් එකට ඉන්නේ හොරු ඇල්ලුවද කිය කියා තාජුදීන් මරපු අය කියල උසාවිය විතරක් නොවේ.... මුළුරටම නොමග යවපු අය උප කුලපති වෙලා තාමත් ඉන්නේ එළියේ...
කලින් මෙහෙම කථා කියන්න.. චෝදනා කරන්න හිටියේ රත්නප්‍රිය මහත්තයා. එතුමා විල්පත්තුවේ වන විනාශය ගැන කථා කරලා නා ගත්තට පස්සේ දැන් මේ දෙන්නට බැටන් එක දීලා. අපේ සෞඛ්‍ය ඇමැතිතුමා සෑහෙන දක්ෂයෙක්. එතුමා මේ වැඩ වර්ජන, ඩෙංගු රෝගය අස්සේ සිංගප්පූරුවේ හිටියත් තමාගේ රූකඩ ටික වෙලාවට කලාවට නටවන්න නම් අමතක කරන්නෑ ...
නඩුවෙන් බේරෙයි..මෙයාට නාථ දෙවියන්ගෙ බැල්ම තියෙනවා කියනවනේ..
අනිවාර්යෙන්ම රජයේ වෛද්‍යවරුන්ට සේවයේ පිහිටවූ දින සිට වසර 15 පුද්ගලික වෛද්‍ය සේවා පැවැත්වීම හා ඒවායේ සේවය කිරීම සපුරා තහනම් කළයුතුය. යමෙකුට වසර 15 ට අඩු කාලයකින් රජයේ සේවයෙන් ජීවත් වීමට නම් නිදහස් අධ්‍යාපනය මගින් ඔහුට වියදම් කල මුළුමුදල හා ඒ සඳහා පොළිය රජයට ගෙවිය යුතුය. එසේ නැතිව කරන අයට ලංකාවේ වෛද්‍ය සේවය තහනම් කල යුතුය. ඒ අයව යොදා ගන්න රෝහල් තහනම් කලයුතුය. අනෙක සියලුම පුද්ගලික වෛද්‍ය සේවා වල යෙදෙන අයට මාසිකව රු- 500,000 නව බද්දක් රජයට අයකර ගත යුතුය. රජයේ ගුරුවරුන්ට පුත්ගලික පන්ති පැවැත්වීම තහනම් නම් සියලුම රජයේ සේවකයන්ට එය එක හා සමාන විය යුතුය. වෛද්‍යවරුන්ට එක පළාතක සේවය කරන්නේනම් එහි දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට මාරුවීමේදී දරුවන්ගේ පාසල් මාරු කිරීම සඳහා ප්‍රමුඛතාව ලබා නොදිය යුතුය. පළාතෙන් පළාතට මරුවන්නේනම් පමණක් ඒ පහසුකම් දිය යුතුය.
77 මැතිවරණයෙන් ජයගත් ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලේ රන්ජිත් අතපත්තු ඇමතිතුමා තමයි දොස්තරලට පුද්ගලික සේවයට අවසර දුන්නේ... දොස්තරලා පහර දෙන්නෙත් ජයවර්ධන ජනාධිපතිතුමාගේ පක්ෂයට සම්බන්ධ පිරිසක් ආණ්ඩුකරන කාලෙමයි. මේවට තමයි කියන්නේ කල හොඳ පස්සෙන් එලවනවා කියලා. නැත්නම් මහින්ද මහත්තය කරපු දෙයට ඒකාලේ විරුද්ධ නොවී දැන් විරුද්ධ ඇයි?
වෛද්‍යවරුන්ට ගරහ ගරහා මඩ ගහ ගහ මොකටද කෝටි ගණන් වියදම් කරගන උසස් පෙළ හරියට සමත් වෙන්න බැරි අය වෛද්‍යවරු වෙන්න හදන්නේ? හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස්,... කන්න ඕන වුණාම කබරගොයත් තලගොයා වෙනවා. මේවා ගැලපෙන්නේ නැත්නම් කව්රුහරි හොඳ ගැලපෙන කතාවක් කියන්නකෝ. ලංකාවේ අධිකරණයයි, නිතිය ක්‍රියාත්මක කිරීමයි ටිකක් කල් පැනපු අවුල් එකක් වගෙයි පෙනෙන්නේ.... අනේ මන්ද අපිට ලංකාව ගැන දුකයි. අනාගතය ගැන හිතද්දී...
මේක පටන් ගන්න කාලේ මෙයා රජාගේ තුරුල්ලේ හිටියා කටවහගෙන බයටද කොහෙද?.. දැන් වීරයාවෙලා කෑගහනවා.. මොන ලෙසකින්වත් වහන්න එපා සයිටම් එක... නියම කලමනාකරණයක් සහ ප්‍රමිතියකින් පුද්ගලික ආයතනයක් හැටියට පවත්වාගෙන යමු.
මැතිවරණ කල්දමා බැඳුම්කර හොරකම් කර දැවැන්ත හොරකම් නොදැක්ක විජයසූරිය, වියරෝල්ලා සයිටම් එකට විරුද්ධව වැඩක් කරොත් උසාවි යනවා...
වහාම එට්කා අත්සන් කර ඉන්දියානු වෛද්‍යවරුන්ට ලංකාවෙ පෞද්ගලික රොහල්වල සේවය කිරිමට අවස්ථාවේ දී ජනතාවට මෙඩිකෙයර් කාර්ඩ් එකක් දිමෙන් මෙම ගැටළුව සම්පුර්ණයෙන්ම විසඳිය හැක...