(සුජිත් හේවාජුලිගේ)
වත්කම් බැරකම් ප්‍රකාශ බාර දීම පැහැර හරින දේශපාලනඥයින් ඇතුළු රජයේ නිලධාරීන්ට මෙතෙක් නියම කෙරුණු රුපියල් දහසේ දඩ මුදල රුපියල් ලක්ෂය දක්වා වැඩි කිරීමට පියවර ගෙන ඇතැයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
මේ සම්බන්ධයෙන් නව නීතී කෙටුම්පත් සකස් කිරීම මේ දිනවල සිදුකරගෙන යන බව අල්ලස් කොමිසමේ කොමසාරිස් නෙවිල් ගුරුගේ මහතා පැවසීය.
රජයේ නිලධාරීන්ගෙන් සියයට 75 ක් පමණ වත්කම් බැරකම් බාරදීම පැහැර හරින තත්ත්වයක් පෙනෙන්නට ඇතැයිද ගුරුගේ මහතා කීවේය.
දේශපාලනඥයින් ඇතුළු රජයේ නිලධාරීන් තම ආයතන ප්‍රධානීන් වෙත වත්කම් බැරකම් ප්‍රකාශ බාරදීම කළ යුතු වෙයි.
මේ අතර සිය වත්කම් බැරකම් ප්‍රකාශ ලබන ජුනි මස 30 වැනිදාට පෙර බාර දෙන්නැයි පාර්ලමේන්තු මහ ලේකම් ධම්මික දිසානායක මහතා සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත.
COMMENTS
වගකීමෙන් කියන්නේ.., කොළඹ වරායේ 2වන දොරටුව අසල අල්ලස් කොමිසමේ කෙනෙක්ව තිබ්බා නම් දවසට රුපියල් ලක්ෂයකට වඩා අල්ලස් ගන්න රේගු නිලධාරීන්ව බලාගන්න පුළුවන්. එයින් පිටවෙන හැම වාහනයකින්ම මොවුන් අල්ලස් ගන්නවා. එහෙම අරගෙන වාහන පරීක්ෂා නොකර පිටවීමට අවසර දෙනවා.
දඩය කෝටි 20 දක්වා වැඩි කළා නං හරි...
හරි නම් කරන්න ඕනෑ දඩය හෙලි නොකළ වත්කමින් 50% කරන එක. කෝටි 50-60 අයථා ලෙස උපයාගත්ත අයට ලක්ෂයක් දැනෙන්නෙත් නෑ.
දඩය හොඳටම මදි. වත්කම් බැරකම් බොරු කරන්නේ කෝටිපතියෝ. එමනිසා අඩුගණනේ තම සඟවන වත්කමෙන් 50% වත් දඩ වශයෙන් අය කර ගැනීමේ ක්‍රමයක් තිබිය යුතුයි.
මේ කියන විදියට රටේ ලොකුම හොරු, දේශපාලකයෝ කියලයි පිළිගන්න වෙන්නේ.. නමුත් කාගේත් පිළිගැනීම දේශපාලනය වැදගත් කර්තව්‍යයක් කියලනේ ... එහෙනම් අපි අහනවා එය වැදගත් කර්තව්‍යයක් නම් ඇයි එම කර්තව්‍යයේ යෙදී ඉන්න දේශපාලකයෝ එම පදවියට ගරු නොකොට මේ ලිපියේ කියලා තිබෙන විදියට වංචා සහගත ලෙස ක්‍රියා කරන්නේ කියා?
දඩය මුදල තීරණය කරන්න හොදම විදිය වෙන්න ඕන හොරකම් කරපු මුදලට සාපේක්ෂව නේද . ප්‍රකෝටි ගනම් හොරකම් කරපු කෙනෙකුට ඔය මුදට පාලමක් යටින් පොල්ලෙල්ලක් ගියා වගේ වේවි. අපේ රට නිවැරදිව ගොඩනගන්න වඩාත් නිවැරදි තීරණ අත්‍යවශ්‍යයි.