(රංජිත් රාජපක්‍ෂ)
හැටන් පොලිස් වසමට අයත් පන්මුර් වතුයායේ ලඳු කැලෑවක සැරිසරන කොටියා අල්ලා ගැනීමට වනජිවි නිළධාරින් අදත් (3) විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
එම වතුයායේ වතුනිවාස පෙළක් ආසන්නයේ තිබු ලඳු කැලෑවක සිටි මෙම කොටියා සුනඛයකු දඩයම් කරන අවස්ථාවේ සුනඛයා බේරා ගැනීමට ගිය වතුකම්කරු කාන්තාවකට මුලින් පහර දී සපා කා තුවාල සිදුකර එම කාන්තාව බේරා ගැනීමට ගිය තවත් වතුකම්කරුවන් සිව්දෙනෙකුටද පහර දී සපා කා තුවාල කර තිබේ.
තුවාල ලැබු වතුකම්කරුවන් හත් දෙනෙක් දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු ඔවුන් වැඩිදුර ප‍්‍රතිකාර සඳහා නාවලපිටිය මුලික රෝහල වෙත මාරුකර යවා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වතුකරයේ සිටින දිවියන්ට වස දී මරණ ප්‍රවනතාවක් තිබෙනවා. වහාම මෙයට එරෙහිව දැඩි නීති සම්පාදනය කරන්න. පරිසරය සහ වනසතුන් නැති ලොවක මිනිසාට ජීවත් විය නොහැක.
ලංකාවේ කොහෙද කොටි... දිවියෝ මිසක් කාටද පැටලිලා තියෙන්නේ?
කාව හරි කෑව දවසක ඔය කතාව වෙනස් වෙයි... ප්‍රශ්නය දිහා ප්‍රායෝගික විදිහට බලන්න..
මේකත් හරියට වල්අලි උවදුර වගේ තමයි. එදා වේල හොයාගන්නට කුලී වැඩ කරන මේ කම්කරුවන් විඳින දුක දැනෙන්නේ ඒ මිනිසුන්ට පමණයි.
කඳුකරයේ, විශේෂයෙන් නුවරඑලිය ආශ්‍රිත ප්‍රදේශවල මෙම කොටි ගහනයෙහි වර්ධනයක් මැතක සිට තිබෙනවා. ඒ වගේම ගොවියන්ගේ මදු වලට හසු වී කොටියන් මිය යාමත් දකින්නට ලැබෙනවා. කැළෑ හෙළි කිරීමත්, කැළෑ ආසන්නයටම වගා බිම් ව්‍යාප්ත කිරීමත් මේ අර්බුදයට හේතුවක් වෙලා තියෙනවා.
හොඳම විසඳුම මෙම දිවියා ඝාතනය කිරීමයි.