(අමල් වික්‍රමරත්න)
ඉකුත් පැය 24 තුල වැඩිම වර්ෂාපතනය ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ලැබී ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය සදහන් කරයි.
මිලි.මීටර් 155.5 වර්ෂාවක් ලැබීමත් සමගම නෙළුව ප්‍රදේශය තුළ පස්කඳු කඩා වැටීම් සහ නායයාමේ අවදානමක්ද ඇතිවීමේ ඉඩකඩද ඉහළයා හැකි බැවින් අවධානයෙන් සිටින්නැයි ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන්ද අනතුරු හැගවීමේ නිවේදන නිකුත් කර ඇත.
මේ වනවිටත් ගාලු දිස්ත්‍රික්කයට කඩින් කඩ වැසි ලැබෙමින් පවතින බව ගාල්ල දිස්ත්‍රික් ආපදාකලමනාකරන ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂක කර්නල් දම්පත් රත්නායක මහතා පැවසීය.
මේ අතර නෙළුව ප්‍රදේශයේදී මේ වනවිට ගිං ගගේ ජල මට්ටම ඉහල යමින් පවතින බවත් ගිං ගඟ පහල ප්‍රදේශ වල ජනතාවට අවධානයෙන් සිටින ලෙසත් ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දී ඇත.
COMMENTS
ගමක, නගරයක, මහා නගරයක කාණු ටික, ජල අපවහන පද්ධතියවත් හරියට සුද්ද කරන්න බැරි නම් මොන මගුලකටද අපේ රටට ප්‍රාදේශීය සභා ඡන්දයක් .. මිනිස්සුන්ගෙන් බදු ටික එකතු කරගන්න විතරද පුළුවන් ..?
මේ ආණ්ඩුව ආව දවසේ ඉඳලා රටට සෙතක් නෑ. කාලකණ්ණිකම තමයි