(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)
වැටලිමක් සිදුකිරිමට සිවිල් ඇඳුමෙන් සැරසි ගිය විලච්චිය පොලිස් නිලධාරින් පිරිසකට වන්නිහැළඔවැව ගම්මානය ආසන්නයේදි පිරිසක් විසින් ඊයේ (16)දින රාත්‍රියේදි සිදුකල පහරදිමකින් පොලිස් නිලධාරින් සිවු දෙනෙකු බරපතල තුවාල ලබා විලච්චිය රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය කියයි.
මෙසේ රෝහල් ගත කොට ඇත්තේ විලච්චිය පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරු තිදෙනෙකු සහ පොලිස් කොස්තාපල් වරයෙකි.
මෙම පොලිස් නිලධාරින් වැටලිමක් සිදු කොට ආපසු එමින් සිටියදි වන්නිහැළැඔැව ගම්මානය අසල රැදි සිටි පිරිසක් සමග ඇතිවු බහින් බස් විමක් දුර දිග ගොස් පහරදිම සිදුව ඇති බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් තුප්පිටියාව සඳමල් එලිය සහ ඔයාමඩුව ප්‍රදේශයේ පුද්ගලයන් සිවුදෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.
සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd