IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වැටලීමට ගිය කොස්තාපල් ලොරියට යටකරයි

( ජුඩ් සමන්ත )

කල්අඩිය මීඔය ප්‍රදේශයේ නීති විරෝධී වැලි ජාවාරමක් වැටලීමට ගිය විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරයකු අද (05) අලුයම වැලි ජාවාරම්කරුවකුගේ ලොරියකට යටවී තුවාල ලබා ඇතැයි පුත්තලම පොලීසිය  පවසයි.

ඔහු අසාධ්‍යය තත්ත්වයෙන් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.රෝහල් ගත කර ඇත්තේ විශේෂ කාර්ය බලකායේ පුත්තලම කදවුරට අනියුක්තව සේවය කළ කොස්තාපල්වරයකි.

මෙම අවස්ථාවේදී විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරියේ සිටි දෙදෙනකුද තුවාල ලබා ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරියේ සිටි තවත් අයෙකු පලා ගොස් ඇති බව මූලික විමර්ශනවලදී හෙලිවී ඇත.

වැටලීමට ගිය විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් නවත්වන ලෙසට අණ කර ඇති නමුත් එය අණ නොතකා විශේෂ කාර්ය බලකායේ නිලධාරියකුද යට කරගෙන පලා ගොස්  ඇත.එම අවස්ථාවේදී සෙසු නිලධාරීන් පලා යමින් තිබූ ලොරියට වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව පොලීසිය කියයි.

(ඡායාරූප-හිරාන් ප්‍රියංකර)



අදහස් (3)

වැටලීමට ගිය කොස්තාපල් ලොරියට යටකරයි

නදීක Thursday, 05 October 2017 06:45 AM

මෙහෙයුම සැලසුම් කළ නිලධාරීන්ගේ දුර්වලතා.

:       17       30

Don Thursday, 05 October 2017 09:12 AM

අනිවාර්යෙන්ම මේ කොස්තාපල් වරයා ලොරියට යටවෙන්න නම්ක පාර මැදට පැනල වාහනේ නවත්වන්න උත්සහ කරන්න ඕන . නැත්නම් ලොරිය කැලේට කපල ම්නිහෙක්ව යටකරල පලයන්න බැහැනේ ..කවදාවත් දියුණු රටක නම් මේ වගේ සිද්දියකට වාහනයක් ඇතුලේ ඉන්න මිනිස්සුන්ට වෙඩි තියල වාහන නවත්වන්න උත්සහ කරන්නේ නැහැ .... මේ වගේ දේවල් වලින් පෙන්නුම් කරන්නේ රටක නොදියුණු කම සහ මිනිස් ජිවිත වල වටිනාකම තක්සේරු කරලා තියෙන විදිය තමයි ... සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වෙන නීතියේ දුර්වල තාවයත් පැත්තකින් පැහැදිලිවම මේ වගේ දේවල් වලින් පෙන්නුම් කරනවා ..

:       259       38

buddika Thursday, 05 October 2017 12:42 PM

බය නැතුව යට කරන්නේ බේරෙන බව දන්නා නිසානේ. විකල්ප ඉදිකිරීම් අමුද්‍රව්‍ය වෙත අප දැන් යා යුතුය, ඉවුරු කප කප පරිසරය විනාශ කරනවාට වඩා මුහුදු වැලි පිරිසිදු කර භාවිතයට ගත හැකි ක්‍රම ගැන නව පර්යේෂණ කල යුතුයි, නැතුව මේ විදියට ඉදිරියට යන්න බැහැ. පරිසරය රකින්නත් ඕන අඩුවට වැලිත් ඕන.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 73 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 351 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site