IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වැටුප් ප්‍රශ්නයට විසඳුම් හොයන කොමිසමට කැබිනට් අනුමැතිය

ඩයනා උදයංගනී
 
ජනාධිපතිවරයා දුම්රිය වෘත්තීය සමිති සමඟ සාකච්ඡාවේදී පැවසුවේ රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචනය කිරීම සඳහා විශේෂ කොමිසමක් පත්කර දුම්රිය සේවාවේ ඇතුළු සමස්ත රාජ්‍ය සේවය තුළ පවතින ගැටලූ විසඳීමට කටයුතු කරන බව යැයි සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

         
ඒ අනුව එක් එක් ක්ෂේත්‍රයේ දැනුම හා පළපුරුද්ද සහිත ප්‍රවීණයන්ගෙන් සමන්විත විශේෂ කොමිෂන් සභාවක් පත්කිරීම සඳහා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීම වෙනුවෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවකට ඊයේ (16) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද සේනාරත්න මහතා කීවේය.
 
මෙම කොමිෂන් සභාව වහාම පත්කිරීමට නියමිත බව කී අමාත්‍යවරයා දැනට රාජ්‍ය සේවයේ පවතින වැටුප් පිළිබඳ  ගැටලූ සඳහා එමගින් මාස දෙකක් ඇතුළත විසඳුම් ලැඛෙනු ඇතැයි ද රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.
 
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.
 
එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සහ අමාත්‍යවරයා ඒවාට ලබාදුන් පිළිතුරු මෙසේය.
 
ප්‍රශ්නය -     තමන්ගේ ප්‍රශ්නයට විසඳුමක් නොදී කොමිසමක් පත්කිරීමට රජය ගත් තීරණය වැරදි බවත්, නැවත වර්ජනයකට යාමට සිදුවිය හැකි බවත් දුම්රිය වෘත්තීය සමිති කියනවා නේද?
 
පිළිතුර -      සාකච්ඡාවේදී ජනාධිපතිතුමා කිව්වේ මේක තමයි. වැඩ වර්ජනය අවසන් කළේ ඒ අනුවයි.
 
ප්‍රශ්නය -     අමාත්‍ය මණ්ඩලය ගන්නා තීන්දු ඇමතිවරුන්ගේ විරෝධය මත ක්‍රියාත්මක නොවීම නිවැරදිද?
 
පිළිතුර -      කැබිනට් මණ්ඩලය ප්‍රතිපත්තිමය තීන්දුව ගත්තා. නමුත් එම ක්‍රමවේදය අනුව රාජ්‍ය අංශයේ වෙනත් සමාන්දර ශ්‍රේණිවලටත් වැටුප් වැඩිවීමක් දිය යුතු වෙනවා.
 
ප්‍රශ්නය -     වසර අතරමැද වැටුප් වැඩි නොකරන බවට හා වැටුප් වැඩිකිරීම් අයවැයෙන් පමණක් සිදුකිරීමට රජය තීරණය කර තිඛෙනවාද? මුදල් ඇමතිවරයා එවැනි ප්‍රකාශයක් කර තිඛෙනවා.
 
පිළිතුර -      රජය එවැනි තීරණයක් ගෙන නැහැ. එතුමා කියන්නේ අමාත්‍යාංශයේ තීන්දුවක් විය යුතුයි.
 
ප්‍රශ්නය -     දුම්රිය සේවකයින් තීන්දුවක් එනතතුරු මාස දෙකක් බලා ඉඳියිද?
 
පිළිතුර -      මෙතරම් කල් සිටියා වගේ මාස දෙකක් ඉන්න බැරි ඇයි?
 
ප්‍රශ්නය -     මේ යන විදියට 6/2006 වක්‍රලේඛය වෙනස් වේවිද?

 

පිළිතුර -     ඒ නිසා තමයි ගැටලූ රැසක් ඇතිවී තිඛෙන්නේ. එය අනුව එක කොටසකට වැටුප් වැඩිවෙනවා නම් මුළු රාජ්‍ය සේවකයින්ගේම වැටුප් වැඩි කරන්නට සිදුවෙනවා. එය හරිම අසාර්ථකයි.

 



අදහස් (1)

වැටුප් ප්‍රශ්නයට විසඳුම් හොයන කොමිසමට කැබිනට් අනුමැතිය

වසන්ත කුමාර Wednesday, 15 August 2018 02:52 PM

සමස්ත රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා සොයා බලා නිසි ක්‍රමවේදයක් අනුගමනය කර වැටුප් වැඩි කළ යුතු වේ. ප්‍රාථමික මට්ටම සහ ද්විතික මට්ටම ගැන විශේෂයෙන් අවධානයක් යොමු නොවන බව පසුගිය වැටුප් චක්‍රලේඛ අනුව පෙනී යන අතර ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධාරීන්ගේ වැටුප් ඉහළ තල වල පිහිටුවා තබා ගැනීමට උත්සුක වී ඇත. ඔය පත් කරන කොමිෂමත් තවත් විෂමතාවක් ඇති කරයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 229 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site