(එෆ්.අස්ලම්)
වනිතා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් එල්.ටී.ටී.ඊ සංවිධානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පදනම් කරගෙන ඇයව මන්ත්‍රීධූරයෙන් හෝ අමාත්‍යධූරයෙන් නෙරපීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් යැයි උතුරු පළාත් වනිතා කටයුතු ඇමතිනී ආනන්දි ශෂිදරන් මහත්මිය සදහන් කළාය.
කොටි සංවිධානය සම්බන්ධයෙන් ඇය විසින් යාපනයේදී සිදුකළ ප්‍රකාශය ප්‍රායෝගිකව සිදුකරන ලද්දක් නොවන බවත් වත්මන් ආරක්ෂක තත්වය පිළිබඳ කළ ප්‍රකාශයකට උදාහරණයක් වශයෙන් කොටි සංවිධානය යොදාගෙන ඇති බවත් අමාත්‍යවරිය තවදුරටත් කීවාය.
විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරිය කොටි සංවිධානය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය ගැන මාධ්‍යට අදහස් පලකරමින් ආනන්දි ශෂිදරන් මහත්මිය මේ බව කියා සිටියාය.
දේශපාලනයට කාන්තාවන් වැඩි වශයෙන් සම්බන්ධ විය යුතුයි කියල කියන පාලකයින් දේශපාලනයට පැමිණි කාන්තාවන්ගේ ගමන විනාශ කරන්න උත්සහා කරනවා.මීට හොදම නිදසුන තමයි විජයකලා මහේෂ්වරන්ගේ කතාව මුල්කරගෙන දේශපාලන පක්ෂ හා නියෝජිතයින් කටයුතු කරන ආකාරය.
ජනසංහාරයක් සිදුවීම නිසයි මහින්ද රාජපක්ෂ මහත්තයට විරුද්ධව දෙමළ ජනතාව සිය ඡන්දය භාවිතා කලේ.ඒ අනුව දෙමළ ජනතාවගේ ඡන්දයෙන් බලයට පැමිණි වත්මන් රජය යුද්ධයෙන් අගතියට පත්වුන ජනතාව වෙනුවෙන් පෙරොන්දු රැසක් ලබාදුන්නා.නමුත් මේ වනවිට මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න බැරි තත්වයක් උතුරේ නිර්මාණය වෙලා තියෙනවා.
වැන්දඹු කාන්තාවන්,දෙමාපියන් අහිමි දරුවන්,ලිංගික අපයෝජන හා හිංසනයන්ට ලක්වූවන්,ඝාතනයට ලක්වූ දරුවන් වශයෙන් ලැයිස්තු පිරී යනවා.මේ තත්වය ගැන තමයි විජයකලා මහේෂ්වරන් ඇමතිවරිය කතා කරේ.
ඇය මේවා ඍජුවම අධීක්ෂණය කරලයි කතා කළේ.ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් කුමක් හෝ කළ යුතුයි කියන හැගීමෙනුයි ඇය ඇමතිකම බාරගත්තෙත්.නමුත් ඇය කානාතාවක් වීම නිසා ඇයට ඒ වෙනුවෙන් කටයුතු කිරීමේදී බාධා රැසක් මතුවෙන්නට ගත්තා.මේ නිසා ඇය එල්.ටී.ටී.ඊ ය උදාහරණයක් කරගනිමින් කතා කළා.මෙනිසා විජයකලා මහේෂ්වරන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම යනු ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි ක්‍රියාවක්.
COMMENTS
ලජ්ජා නැතුව මේ අය එම ස්ත්‍රිය කල අසීලාචාර නීති විරෝධී ක්‍රියාව සාධාරණ කරන්න හදන හැටි ... .....මෙත් අපේ මහජන නියෝජිතයෙක් නේද මෙසේ වගේ කතාවක් කියන්නේ.????
මෙයත් පටන් ගත්තද ඒ පාර?
උතුරේ තරුණියන් දුෂණය කලේ දකුණෙන් ගිය සිංහල තරුණයන් නම් මොවුන්ගේ කතාව තරමක් හෝ සාධාරණ වෙන්න තිබුණා. නමුත් මොවුන්ගේ හිතේ තියෙන්නේ එකක්. කියවෙන්නේ තව එකක්. කූඩැල්ල මෙට්ටේ තියන්න බැරි බව මේ රට පාලනය කරන උදවිය තේරුම් ගත්තොත් හොඳයි.
ඇයි නංගී ඔයාටත් ගෙදර ඉන්න ආසද?
දී කිරට බළල්ලුත් සාක්කි
ජන සංහාරයක් වුණ නිසා මහින්දට විරුද්දව ඡන්දය ප්‍රකාශ කළා කිව්වා ....කොහෙද නෝනා ජන සංහාරයක් වුනේ ?
දී කිරට බළලුත් සාක්කිලු
එතකොට වසර 30 යුද්ධයෙන් පීඩිතවූ මෙන්ම ජීවිතවලින් වන්දි ගෙවූ ශ්‍රී ලාංකීය සිංහල මුස්ලින් දමිළ සිවිල් වැසියන්ගේ සිවිල් අයිතිවාසිකම් විනාශ කරමින් දමිළ දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කරමින් පරම්පරා 3 වඩා කාලයක් දරුවන්ට ඉගෙනීමේ අයිතිය නැතිකරමින් ළමා සොල්දාදුවන් බවට දමිළ දරුවන් යොදා ගනිමින් හා නීති විරෝධී යුද පුහුණු දෙමින් ඔවුන්ගේ ජීවිත යුද්ධයට බිලිදෙමින් රාජ්‍ය දේපල හා සිවිල් ජනතා ජනතා දේපල විනාශ කරමින් මෙන්ම කොටින් බලෙන් දේපල පවරා ගනිමින් සිවිල් වැසියාගේ මානුෂික අවස්ථා වන ජලය අහාර හා සෞඛ්‍ය මෙනේම බොහෝ සිවිල් මානුසික අයිතිවාසිකම් නැතිකරමින් එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තවාදීන් උතුරු නැගෙනහිර කරන ගිය මිලේච්ඡ ඝාතන හා විනාශ ප්‍රජාතන්ත්‍රවදීද?
එහෙම නම් විජයකලාට උසස්වීමක් දෙමු.....
ජාතිවාදය මතුවන ආකාරයේ අදහස් පළකිරීම කතාකිරීම බරපතල වරදක් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට පටහැනි කතාකරන්නට ඕනනම් ඔබත් ඉල්ලා අස්වෙන්න
දෙදෙනාගේම ස්වාමි පුරුෂයින් නැතිවුනේ කා හින්දද? ඒ කටයුත්ත නිසා ඔබලාට බලය ලැබුණා. ස්වාමි පුරුෂයින් නැතිවීමේ පාඩුව මකාගත හැකි වුවත් දුදරුවන්ට පියාණන්ගේ අඩුවීම මකාගත හැකිද? ඒ පැත්තෙන් බලලා ප්‍රකාශ නිකුත් කලොත් හොඳ නැද්ද?
මෙයා කියන විදියට මෛත්‍රීපාල මහත්තයා ජනාධිපති වෙලා තියෙන්නෙ දෙමළ ජනතාවගේ ඡන්දෙන් විතරද? ඇයි අපිත් දුන්න. සිංහල ජනතාවගෙන් බහුතරයක් දුන්න . මේවා පුදුම කතා .
දේශපාලනයට කාන්තාවන් යොදාගත්තහම ඔහොම තමා..... .
ඔය කියන කිසි දෙයක් දකුණට බලපෑවෙ නැද්ද එතකොට..?එල්.ටී.ටී.ය කාලෙ බස් පිටින් ගිනි තියත්දි රටේ එක එක තැන අහිංසක සිවිල් ජනයා ඉලක්ක කර ගනිමින් බෝම්බ පුපුරවද්දි ඒ නිසා අනාථ වුණු අසරණ වුණු වැන්දඹු කාන්තාවන්,දෙමාපියන් අහිමි වුණු දරුවන් අනිත් ප්‍රදේශවල නැද්ද එතකොට ..?උතුරට විතරද ඔය කියන දෙමාපිය සෙනෙහස , දරු සෙනෙහස කියන ඒවා දැනෙන්නේ..?අනිත් එක යුද්ධ කාලෙ එච්චර දේවල් උනා නම් ඇයි ආයෙත් ඒ වගේ පසුබිමක් ම හොදයි කියලා මෙයාල කියන්නේ..?මෙයාලට ඕන මේ එකක්වත් නෙවෙයි මේ රට දෙකට බෙදලා කොටසක් ලබා ගන්න...
ඔනෑ බලු වැඩක් කරලා කිනම් හෝ දඩුවමට යටත් වෙනවිට එය ප්‍රජාතන්ත්‍ර විරෝධී කියන්නේ කෙසේද ?? මෙම ස්ත්‍රිය මහජන නියෝජිතයෙක් වීමත් පාපයකි.
විජයකලා මතිවරිය කතාකලේ උතුරේ දැවෙන ප්‍රශ්න ගැන මිසක් කොටිනගා සිටුවීමක් ගැන නෙවෙයි කියන එක මන්තිවරියගේ කතාව කියවන ඕන කෙනෙකුට තේරෙනවා, කොටින් උදාහරණයට ගැනීම පළපුරුද්ද අඩු කම නිසා වෙච්ච අත් වැරද්දක් හැටියටයි මම දකින්නේ - යුද්ද කරපු කොටින්ට අවිදීපු නායකයෝ - යුද්දකරපු කොටින්ට සල්ලිදිලා මහජනතාව චන්දෙට එම වලක්වපු නායකයෝ ඉන්න අපි, මැරිච්ච කොටි ගැන කතාකරපු මේ කාන්තාවට දඩුවම් දීම සදාචාරාත්මක නැහැ (නිතියානුකුල විය හැකිය)
එතකොට වසර 30 යුද්ධයෙන් පීඩිතවූ මෙන්ම ජීවිතවලින් වන්දි ගෙවූ ශ්‍රී ලාංකීය සිංහල මුස්ලින් දමිළ සිවිල් වැසියන්ගේ සිවිල් අයිතිවාසිකම් විනාශ කරමින් දමිළ දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කරමින් පරම්පරා 3 වඩා කාලයක් දරුවන්ට ඉගෙනීමේ අයිතිය නැතිකරමින් ළමා සොල්දාදුවන් බවට දමිළ දරුවන් යොදා ගනිමින් හා නීති විරෝධී යුද පුහුණු දෙමින් ඔවුන්ගේ ජීවිත යුද්ධයට බිලිදෙමින් රාජ්‍ය දේපල හා සිවිල් ජනතා ජනතා දේපල විනාශ කරමින් මෙන්ම කොටින් බලෙන් දේපල පවරා ගනිමින් සිවිල් වැසියාගේ මානුෂික අවස්ථා වන ජලය අහාර හා සෞඛ්‍ය මෙනේම බොහෝ සිවිල් මානුසික අයිතිවාසිකම් නැතිකරමින් එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තවාදීන් උතුරු නැගෙනහිර කරන ගිය මිලේච්ඡ ඝාතන හා විනාශ ප්‍රජාතන්ත්‍රවදීද?
එල්ටීටී එක ජන සංහාරයක් කරවන්න තමයි, මුළු උතුරේම හිටපු මිනිස්සු තමන්ගේ ආරක්ෂාවට වටේට තියාගෙන හිටියේ කන්න බොන්නවත් හරියට දෙන්නේ නැතිව. හමුදාවල ඉවසීම සහ විනය නිසා තමා ඒ ජනතාවට හානියක් නොවෙන්න බේරගන්න පුළුවන් උනේ. මිනිස් බෝම්බ ඇවිත් පුපුරුව ගනිත්දිත් අහිංසක මිනිස්සු මැරෙන නිසා වෙඩි නොතබා තමන්ගේ ජිවිත පුජා කල හමුදා සෙබළු හිටපු රටක් මේක. අද යුධ අපරාධ ගැන කතාකරන රටවල කොහොමද කරන්නේ, කොනක ඉදල මරනවා. එක ඉන්දියන් ආමි එකත් කල. රජයෙන් නොමිලේ යවපු ආහාර ටිකත් ජනතාවට නොදී , ඒවායෙන් බංකර ගහපු එල්ටීටී එක අද මෙයාලට නැතිවම බැරිවෙලා. එල්ටීටී එක නොහිටියා නම් මෙයාල කොහොමද මන්ත්‍රී කම ඇමතිකම දරන්නේ ? ඒවාට කාලගුණ සලකනවා වෙන්න ඇති .
විජයකලාගෙ කතාව කරේ දමිළ භාෂාවෙන් හරි අපට තෙරුනේ නැහැ කියමුකෝ එතකොට මයාටත් දෙමළ තේරෙන්නෙ නැද්ද
ත්‍රස්තවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය දෙකම එකට ගැලපෙන්නේ. මෙයා අද උතුරු පළාත් ඇමතිවුනාට, මෙයා දන්නේ ත්‍රස්තවාදය පමණයි. මෙයාටත් මෙයාගේ සුවාමිපුරුෂයා අහිමිවුණේ ත්‍රස්තවාදය නිසා තමයි. මෙයාගේ සුවාමිපුරුෂයා නිසා අදටත් කී දෙනක්ට ජීවිත අහිමිවුණා, අනාතවුනා, අබාධිතවුනා,?
මේ ඔක්කොටම වැරදි කාරය මහින්ද යුද්දේ ඉවර කල එක..........
ආනනන්දිටත් ඕනේ වරද වහලා විජයකලාට සහයෝගය දෙන්න. අනිවාර්යයෙන්ම විජයකලාව ඉවත්කළ යුතුයි. රටේ ව්‍යවස් පටහැනිව කටයුතු කිරීමට ඇයට බැහැ. අනික, කාන්තාවන් දේශපාලනය වැඩියෙන් ගන්න කීවාට ඔවුන්ට නීතිවිරෝධී ප්‍රකාශ කරන්න කියා කව්රුවත් කිව්වේ නැහැ.
මෙයත් ලොකු ලොකු කතා කියනවා ... කොටි පුල්ලි මතු වන්නේ මේ වෙලාවට තමයි.....
දන්න ප්‍රජාතන්ත්‍රවාදය?
ජන සංහාරයක් වුනාලු !!! අපි නම් එහෙම දෙයක් දැක්කේ නැහැ. මහින්ද මහත්තයා ජනතාවට දන්සල් වලින් කන්න දුන්නා.
මේ වගේ අය මහජන නියෝජිතයින් වුනේ කොහොමද මන්දා?
යාපනේ දෙමළ දැරියගේ දූෂණ නඩුවේ විත්තිකරුවන්ට රුකවරණය දීල අන්තිමට ඔවුන් නිදහස් කරන්න බලපෑම් කල විජය කලා ගැනද මෙයා මේ කථා කරන්නේ. යාපනේ ඉතිං අපරාධ ඉහල යන්න හේතු විජයකලාගෙන්ම අහගන්න.