IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


‘විග්නේෂ්වරන් තව දුරටත් පක්ෂයට අවශ්‍ය නෑ‘ සුමන්තිරන්

(එෆ්.අස්ලම්) 

උතුරු  පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා තවදුරටත් දෙමළ ජාතික සන්ධානය තුළ තබා ගැනීමට නුසුදුස්සෙක් බව එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවසීය.

දෙමළ ජාතික සන්ධානය වැනි දෙමළ ජනතාවගේ ස්ව ගෞරවය උදෙසා සටන් කරන පක්ෂයකට සිය ආත්ම ගරුත්වය අහිමි කරගත නොහැකි බවද සුමන්තිරන්   මහතා පැවසීය.

උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා  දෙමළ ජාතික සන්ධානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් එම සන්ධානයේ පේදුරුතුඩුව කාර්යාලයේදී ‘ හමුවක් කැදවමින් ඔහු මේ බව සදහන් කර සිටියේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුමන්තිරන් මහතා මෙසේද කීය.

‘මානසික ආතතියකින් පසුවන ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් එම තත්වයෙන් මිදී නිවැරදි පිළිතුරක් පැහැදිලිව ප්‍රකාශ කරන්නෙකු නම් ඉන් අනතුරුව මීලග පළාත් සභා මැතිවරණය පිළිබදව දෙමළ ජාතික සන්ධානයේ අදහස හෙළිකරන්න පුළුවන්. මීළඟ උතුරු මහ ඇමති අපේක්ෂකයා කවුරුද යන්න පිළිබදව තවමත් දෙමළ ජාතික සන්ධානය තීරණයක් ගෙන නැහැ. මහ ඇමතිවරයා  ප්‍රකාශයක් කරන වෙලාවේ තමන් තුළ විකල්ප තුනක් ඇති බව ප්‍රකාශ කළා.එය අද වනවිට හතරක් වෙලා.හෙට විකල්ප පහක් වෙන්න පුළුවන්. දවසින් දවස එය වැඩිවෙන්නත් පුළුවන්.

එනිසා ඔහුගේ මානසික ආතතියට අපිට වගකියන්න බැහැ.ඔහු මානසික ආතතියෙන් මිදී යහපත් මානසික තත්වයකින් නිවැරදි අදහස් ප්‍රකාශ කිරීමෙන් පසුව දෙමළ ජාතික සන්ධානයට සිය ස්ථාවරය හෙළිකළ හැකියි.

පාර්ලිමේන්තු මැතිවරණ සමයේ ප්‍රධාන අමාත්‍යවරයා ඔහු නියෝජනය කරන පක්ෂයට එරෙහිව කටයුතු කළ අවස්ථාවේ ඊට ප්‍රසිද්ධියේම මම විරෝධය පළ කළා .එදා මම කියපු දේවල් වැරදියි කියල කියපු අය එදා මම කියපු සියළු දේ නිවැරදි යැයි කියනවා.

පළාත් සභා මැතිවරණ සමයේ තමන් තරඟ කළ දෙමළ ජාතික සන්ධානයට ඡන්දය දෙන්න යැයි ඉල්ලු මහ ඇමතිවරයා පාර්ලිමේන්තු මැතිවරණයේදී නිවසින් පිටතට විත් (දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද ලකුණෙන්) ඡන්දය දෙන්න විත් කියා සිටියා.මොහු තවදුරටත් පක්ෂය තුළ සිටීමට නුසුදුස්සෙක් වෙනවා.එබැවින් දෙමළ ජනතාවගේ ස්වගෞරවය වෙනුවෙන් සටන් කරන පක්ෂයක් ලෙස එම ගෞරවය අහිමි කරගන්නට බැහැ.


මේ ආණ්ඩුවෙන් මොනවද කරල තියෙන්නෙ කියල අහනවා.අඩුම තරමින් පාරට බැහැල සටන් කරන්න පුළුවන් තත්වයක් ඇතිකරල තියෙනවා. උතුරේ දෙමළ ජනතාවට අයිති බොහෝ ඉඩම් දැන් නිදහස් කරල තියෙනවා.මේ සියළු දේට හේතු වුනේ මෙරට තුළ ඇතිවූ දේශපාලන වෙනසයි.



අදහස් (5)

‘විග්නේෂ්වරන් තව දුරටත් පක්ෂයට අවශ්‍ය නෑ‘ සුමන්තිරන්

Hafeel Sunday, 02 September 2018 06:59 AM

විග්නේශ්වරන් වගේම සිවාජිලිංගම් සහ ආනන්දිටත් මේ පියවරම ගන්න.

:       0       19

සතයපාල Sunday, 02 September 2018 09:06 AM

මිනිසුන් වයසට ගියවිට කායික වශයෙන් මෙන්ම මානසික වශයෙන්ද පිරිහෙනවා.. ඒක විද්‍යාත්මක සත්‍යයක්. අද විග්නේෂ්වරන්ට සිදුවී තිබෙන්නෙත් ඒකම තමයි. ඔහු අද ජාතිවාදය අවුස්සමින් හා උතුරේ ජනතාව නොමග යවමින් රටේ ජාතික සමගියට හා සාමයට බාධා කරමින් සිටිනවා. සමහරවිට ඔහුගේ මීළඟ ඉලක්කය විය හැක්කේ තම මස්සිනා අනුව යමින් රාජපක්ෂ නඩය සමග හවුල් වී ආණ්ඩු පිහිටුවීම විය හැකිය.

:       1       612

රවින් Sunday, 02 September 2018 09:11 AM

සාමකාමී සියලු ජනයාට අන්තවාදීන්ගෙන් වැඩක් නැහැ. උතුර දකුණ කියලා වෙනසකුත් නැහැ.

:       0       126

peace Sunday, 02 September 2018 12:49 PM

දකුණේ අපිටත් එපා. බැරිද තමිල් නාඩුවටවත් ඇර ගන්න. එතකොට පුළුවන්නේ කෑලිකෑලි ඉල්ලන්න.

:       0       0

Bamunuarachchi Monday, 03 September 2018 07:06 AM

අපෙත් අදහස ඔහෙලවත් මේ රටේ තියාගන්න ඕනේ නැහැ කියන එකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28557 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18199 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11037 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 683 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 204 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 858 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site