(අජන්ත කුමාර අගලකඩ)
ජාතික විගණන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (10) උදේ පැවැති කැබිනට් රැස්වීමේදී මෙම අනුමැතිය ලබා දී තිබේ.
අදාළ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේ විශේෂ ව්‍යාපෘති ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා විසිනි.
කලින් සකස් කර තිබූ ජාතික විගණන පනත් කෙටුම්පත සංශෝධන කිහිපයක් සමග ඊයේ ඉදිරිපත් කර තිබූ බව වාර්තා වේ.
විගණකාධිපතිවරයාට පැවරීමට යෝජනා කර තිබූ විගණන වැරදි සම්බන්ධයෙන් වන අධිභාර පැනවීමේ බලය නව පනත් කෙටුම්පතින් ඉවත් කර ඇති බවද දැනගන්නට ඇත.
අධිභාර පැනවීමේ බලය විගණකාධිපතිවරයාට පැවරීමට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය දැඩි විරෝධය පළකර තිබිණි. දහනවවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජාතික මහජන කොමිෂන් සභාවක් ද පිහිටුවනු ලැබූ අතර විගණන කොමිෂන් සභාව බලාත්මක කිරීම විගණන පනත සම්මත නොකිරීම හේතුවෙන් ප‍්‍රමාද වී තිබිණි.
COMMENTS
අනේ වාසනාවන් හොද රාජ්‍ය සේවයක් ලබාගන්න පුළුවන් වේවා!!!!!!!
අධිභාර පැනවීමේ බලය විගණාකාධිපතිට නොමැති මෙම විගණන පනතෙන් අපේක්ෂිත යහපාලනයක් වන්නේ නැත. ලෝකයේ රටවල් දියුනු වුනේ තවත් විදියකින් කියනවා නම් සංවර්ධනය වුන රටවල් වල තිබෙන්නේ අධිභාර පැනවීමේ බලය විගණකාධිපතිට තිබෙන විගණන පනත් තිබුන නිසාය. අධිභාර පැනවීමේ බලය විගණකාධිපතිට තිබීම පිළිබදව රාජ්‍ය පරිපාලන නිළධාරින්ට වීරුද්ධ වීමට කිසිදු සාධාරණ හේතුවක් නැත. ඔවුන්ට අවශ්‍ය වී තිබෙන්නේ කෙසේ හෝ විගණන විමසීම් හෝ අයතා ගණු දෙනු සම්බන්ධයෙන් පනවන අධිභාර වලින් බේරී සිටීමටය.
මෙන්න සංශෝධන රජයේ කාර්යාලයට යැවූ ලිපිවලට ප්‍රශ්ණය අවසන් කර වසා දැමූ ලිපි හා පිළිතුරු නොලියූ ලිපි සම්බන්ධ විගණනය කිරීම රජයේ නොවන පාර්ශවයක් වෙත පැවැරීම......
"අධිභාර පැනවීමේ බලය විගණකාධිපතිවරයාට පැවරීමට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය දැඩි විරෝධය පළකර තිබිණි" විරුද්ධයි කියමුකෝ? ඒත් මෙම කාර්යය කිරීමට ඔය කියන සංගමයට තියන සුදුසුකම මොකක්ද? විගණකාධිපති නිලධාරීන්ට වඩා නව ලෝකය සැදී තිබෙන්නේ කණ්ඩායම් ක්‍රමයට වැඩ කිරීමෙනි. කණ්ඩායමේ සාමාජිකයන් විවිධ හැකියාවන් සහ වෘත්තිකයන්ගෙන් සමන්විතයි. අදාළ දේ අදාළ අයට දිය යුතුයි. මොකද බය?
අධිභාර පැනවීමේ බලය විගණකාධිපතිවරයාට නැත්නම් විගණන පනතින් වැඩක් නැත . ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයටත්, දොස්තර මාෆියාවට ඕන විදියට රටවල් පලනයකරන්න බැරිය. විගණකාධිපතිවරයාට ගිණුම් කරණය පිළිබද වෘත්තීය දැනුමක් ඇත රාජ්‍ය පරිපාලන නිළධාරින්ට වීරුද්ධ වීමට කිසිදු සාධාරණ හේතුවක් නැත. විනිවිද භාවයෙන් වැඩ කරන්න. ඇතෙන්ම ලංකාවට ඕන හිතකාමී එ්කාධිපති පාලනයක්.............
විගණකාධිපතිගේ අධිභාර පැනවීමේ බලයට විරුද්ධවිය යුතු නැත. කෙසේ වෙතත් රුහුණු කුමාරි දුම්රියේ වැඩට විත් එම දුම්රියේ ගෙදර යන විගණකයින් අධිභාර බලය කෙසේ ක්‍රියාත්මක කරයිද. විවෘත පදනම යටතේ නියෝජ්‍ය විගණකාධිපතිවරු බදවා ගැනීමේදී අභ්‍යන්තර අපේක්ෂකයන්ට වාසි සහගත පදනමින් ලකුණු ක්‍රමවේදය සකසා අදක්ෂ නිලධාරීන් නියෝජ්‍ය විගණකාධිපති කරගත් පුද්ගලයන් මෙම බලය කෙසේ ක්‍රියාත්මක කරයිද යන්න ගැටලුවයි....
කොළඹ දිසාපති සුනිල් කන්නන්ගර මහතා මුහුණු පොතේ දැක්වූ අදහසක් // 01.....අධිභාර යනුවෙන් අදහස් වන්නේ රජයට අයවියයුතු මුදලක් යම් පුද්ගලයෙකුගෙන් අයකර ගැනීමවේ.මෙහිදී කිසියම් රජයේ නිලධාරියෙකුගේ වරද නිසා යම් පාඩුවක් රජයට සිදුව ඇත්නම් අදාල පාඩුව ඊට වගකිවයුතු නිලධාරියාගෙන් අයකර ගැනීම රජයේ සේවකයෙකුට පනවන අධිභාරයක් සේ විස්තරවේ. විගණන පනතේ මෙසේ වූ අධිභාර පැනවීමේ බලය විගනකාධිපතිවරයා වෙත පැවරීමේ විධිවිධාන සකසාතිබුණි. දැනට අධිභාර පැනවීමේ බලය ඇත්තේ අමාත්‍යංශයේ ලේකම් වරයාටයි. කිසියම් හානියක් හෝ පාඩුවක් පිලිබඳ පවත්වන පරීක්ෂනයකින් අනතුරුව එකී හානියට හෝ පාඩුවට වග කිවයුතුයැයි අදාල පරීක්ශනයෙන් හෙලිවන අයෙකුගෙන් පාඩුව අය කිරීමේ නියමයක් කිරීමට ලේකම් වරයාට බලය ඇත. මේ බලය විගනකාධිපති වෙත පැවරීමේ අවශ්‍යතාව පැහැදිලි නැත. පලාත්පාලන ආයතන අරභයා අධිභාර පැනවීමේ බලය අතීතයේ සිට විගනාධිපතිට තිබුනත් එම බලය මේ දක්වා කාර්‍යක්ශම අයුරින් භාවිතාකර නැත . එසේ තිබියදී රාජ්‍ය සේවාවේ අමාත්‍යංශ දෙපාර්තමේන්තු රාශියක ප්‍රධානින්සතු බලයක් මධ්‍යගත එක් නිලයකට පැවරීමට යෝජනාකිරීම නිවැරදි නොවේ...//
//...02.. එමෙන්ම විගනකාධිපතිවරයා සියලු රාජ්‍ය ආයතනවල මූල්‍ය කටයුතු ගැන පාර්ලිමේන්තුවට වාර්තාකරන නිලධාරියාව තිබියදී ඔහුගේ මතයට අනුව අධිභාර පැනවීමට බලය ඔහුටම පැවරීමෙන් විමර්ශනය කරන තැනැත්තාටම වගකිවයුත්තා තීරනය කිරීමේ බලයත් වගකිවයුත්තාට දඬුවම නියම කිරීමේ බලයත් පැවරුවා වන්නේය. එය ස්වාභාවික යුක්තියට පට හැනිය.විගනකාදිපතිවරයාට පරීක්ෂාකිරීමේ බලය හා පහසුකම් උපරිමයෙන් ලබාදීමත් ඔහුගේ නිරීක්ෂනමත සුදුසු විමර්ශනයකින්/විභාගයකින් පසුව අධිභාර නියම කිරීමේ බලය විනය බලධාරින්ටත් එබධු අධිභාර නියමයන් පිලිබඳ අභියාචන බලය ස්වාධීන ආයතනය කටත් පැවරීම සුදුසුවේ. මාදන්නා පරිදි පරිපාලන සේවසංගමය කියන්නේ මෙයයි...//
පරිපාලන සේවා සංගමයේ සභාපති, පොළොන්නරුව දිසාපති රංජිත් ආරියරත්න මහතා එහිම තැබූ සටහනක් //...සුනිල් සර්ගෙ පැහැදිලි කිරීමට ඌන පූර්ණයක් එක්කල යුතුයි.බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නෙ විගනන පනතට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විරුද්ධ බවයි.නමුත් අපගේ විරෝධතාවය ප්‍රකාශ කලේ සුනිල් සර් පවසා ඇති ස්වභාවික යුක්තියේ මූලධර්මය ඉක්මවා කටයුතු කිරීමත් අභියාචනා අවස්තාවත් විගනකාධිපතිවරයාම සභාපතිත්වය දරන විගනන කොමිසම විසින්ම ඉටුකිරීම සහ අධ්භාර වලින් ලැබෙන මුදලින් ත්‍යාග අරමුදලක් පිහිටුවා විගනන නිලධාරීන්ට ත්‍යාග ලබාදීමට කරතිබූ යෝජනා ඇතුලු නොගැලපෙන කරුනුවලට පමනයි...///