(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
මහ බැංකුව මේ වන විටත් සෘජු ස්ථානගත කිරීමේ ක‍්‍රමයෙන් භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීම් සිදු නොකරන හෙයින් ඉන් ඇති වන ප‍්‍රතිවිපාක වලට මහ බැංකු නිලධාරින් වගකිවයුතු යැයි බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා අද(14) පැවසීය.
මහ බැංකුවේ නිලධාරීන් දිගින් දිගටම පවත්වාගෙන යන මේ ක‍්‍රමය ප‍්‍රතික්ෂේප නොකිරීම හේතුවෙන් මුදල් මණ්ඩලයත් ඊට වගකිය යුතු යැයි විජේසිංහ මහතා කීවේය.
පර්පචුවල් ටේරෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතාගේ හරස් ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් විගණකාධිපතිවරයා මේ බව හෙළි කළේය.
ප‍්‍රශ්නය- අදත් සෘජු ස්ථාන ගත කිරීමේ ක‍්‍රමය කි‍්‍රයාත්මවන්නේ නැහැ නේද?
පිළිතුර-නැහැ.
ප‍්‍රශ්නය-අදත් සෘජු ස්ථාන ගත කිරීමේ ක‍්‍රමය කි‍්‍රයාත්මක වන්නේ නැතුව වෙනත් ක‍්‍රමයක් ක‍්‍රියාත්මක වනවා නම් එයට වගකිවයුත්තේ මහා බැංකුවේ නිලධාරීන්ද?
පිළිතුර- ඔව්.
ප‍්‍රශ්නය-මහ බැංකුවේ නිලධාරීන් දිගින් දිගටම ක‍්‍රියාත්මක කරන ක‍්‍රමය මුදල් මණ්ඩලය ප්‍රතික්ෂේප කර නැහැ නේද?
පිළිතුර-එහෙනම් මුදල් මණ්ඩලය ඊට වගකිව යුතුයි.

COMMENTS
නව නීති ක‍්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.