ඩයනා උදයංගනී
ජාත්‍යන්තර කීර්තියට පත් ප‍්‍රවීණ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ප‍්‍රතිකාර කටයුතු සහ අනෙකුත් වියදම් වෙනුවෙන් මසකට රුපියල් ලක්‍ෂ 5 බැගින් ලබාදීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 99 වන ජන්ම දිනය අදට යෙදී තිබූ අතර, තිඹිරිගස්යායේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත ගිය ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඔහු වෙත සිය සුබපැතුම් පිරිනැමූ අතර එහිදී එතුමා වෙත මේ බව දැනුම් දුන්නේය.
දේශීය සිනමාව අන්තර්ජාතික කීර්තියට පත් කිරීමට සිය නිර්මාණ දායකත්වය සැපයූ ජ්‍යෙෂ්ඨතම ලාංකේය සිනමාකරුවා වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඉටු කළ මෙහෙවර අගයමින් ඒ මහතාගේ වෛද්‍ය ප‍්‍රතිකාර කටයුතු ඇතුළු සෙසු වියදම් සදහා විශේෂ මාසික දීමනාවක් ලබාදීමට ජනාධිපතිවරයා පසුගියදා කැබිනට් අනුමැතිය ද ලබා ගත්තේය.
යුග මෙහෙවරක් ඉටුකළ යුග පුරුෂයෙකුට පමණක් පිරිනැමෙන මෙම විශේෂ මාසික දීමනාවට අදාළ ලිපි ලේඛන සහ ඊට අදාළ පළමු චෙක්පත ද මෙහිදී ජනාධිපතිවරයා පිරිනැමීය.
නීතිය හා සාමය අමැති රංජිත් මද්දුමබණ්ඩාර, ආචාර්ය සෝමරත්න දිසානායක, රේනුකා බාලසූරිය යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
ප්‍රමාද වී හෝ කල මෙම උතුම් ක්‍රියාවට ජනාධිපතිතුමාටත් රජයටත් අපගේ ප්‍රණාමය! ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු.
බලන්නකෝ ඕකට ඇහේ කටු ඇන්නා වගේ කට්ටියක් ඉදි.
සත පහක් වටින්නේ නැති දේශපාලකයන් නඩත්තුවට මාසයකට කෝටි ගණන් වියදම් කරන රටක මෙතුමා වෙනුවෙන් ලක්ෂ පහක මුදලක් වෙන් කිරිමට හෝ උනන්දුවීම හොද දෙයක්.
මුදල පරමාර්ථය කරනොගෙන වටිනා චිත්‍රපටි රටට දායාද කල මෙතුමන් වෙනුවෙන් කරන මේ මුදල් පරිත්‍යාගය ඉතාමත් අගය කොට සලකමි.
කොපමණ හොදද? ආණ්ඩුවම පිලිගන්නවා වයසට ගියාම අත්වන වියදම් ප්‍රමාණය. එහෙනම් විශ්‍රාමිකයන්ගේත් බදු නැති කරලා දාන්නකෝ. හැමෝටම ශරීරය නඩත්තු කිරීමට යන වියදම එකවගේ නේද?
ඉතා උතුම් ක්‍රියාවක්. ස්තුතියි ජනපති තුමනි.
මෙම කාර්යය ඉතා අගය කල යුතු දෙයක්.
විශ්‍රාමිකයන්ගේන් බදු අය කරන්නේ නැහැ නේද?
මේ වගේම වියපත් වෙලා ඉන්න අපේ අනෙක් කලාකරුවන් ගැනත් හොයල බලලා විශ්‍රාමික වැටුපක් දුන්නොත් හොඳයි නේද. අද සමහර කට්ටිය අන්ත අසරණ තත්වයට පත්වෙලා ඉන්නවා. සමහර නිෂ්පාදකවරු වැඩ අරගෙන පොලු තියනවා.
මේ මුදල් පරිත්‍යාගයෙන් කියවන්නේ කුමක්ද? වයසක මහතෙකුට ජීවත්වීමට ලක්ෂ 5 වත් අවශ්‍ය බව රජය පිලිගත්බව නේද? මේ ගෙවීම කරන්නේ අනෙක් විශ්‍රාමිකයාගේ පොලි මුදලට බදු අයකරගෙන නේද? කරුණාකර අපිට රජයේ මුදල් එපා. අපේ බැංකු පොලිය අපිට දෙන්න බදු ගහන්නේ නැතිව.
ඉතා අගනා ක්‍රියාවක්. මම දකින්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් කියන පුද්ගලයා හැටියට නොවේ.. වයෝවෘද්ධ භාවයට පත් උණු තවත් මනුස්සයෙක් දෙස බලන ආකාරයටයි. මෙවැනි අය වගේම කිසි හව්හරනක් නැති උදවිය ඕන තරම් හොයා ගත්තහැකි අපේ රටේ. ඒ උදවියටත් මෙවැනිම සත්කාරයක් කරන්න...
මේක පූර්වාදර්ශයට අරගෙන අනෙකුත් චිත්‍රපටි නිර්මාණකරුවොත් මාසෙකට ලක්ෂ 5 ගානෙ ඉල්ලාවිද මන්ද.
රජකාලේ නම් කඩේ ගිය නළුවෝ විතරයි රජයේ වරප්‍රසාද, වරදාන ලැබුවේ. ආයුබෝන් මහරජා කියලා ප්‍රශස්ති ගී ගැයූ ළමයෙක්ගේ නමින් පාරකුත් හැදුවා.