(සමන්ත යහම්පත්)
සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පුර්ණ රාජ්‍ය ගෞරව සහිතව බදාදා (02) කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදු කෙරේ.
කොළඹ පෞද්ගලික රෝහලකදී ඊයේ (29) රාත්‍රියේ අභාවප්‍රප්ත වූ ඒ මහතාගේ දේහය මේ වන විට බම්බලපිටිය, ලෙස්ටර් ජේම්ස් පීරීස් මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇත.
චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු මෙන්ම තිරකතා රචකයකු ලෙසින් ලෝ පුරා කීර්තියට පත් ආචාර්ය පීරිස් මහතා මිය යනවිට 99 වැනි වියේ පසු විය.
බදාදා පෙරවරු 10.00 ට බම්බලපිටිය නිවසේදී කතෝලික ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව දේහය ජාතික චිත්‍රපට සංස්ථාව කරා ගෙන යනු ලැබේ. එහිදී කලාකරුවන් දේහය බාර ගැනීමට නියමිතය.
අනතුරුව මහජන ගෞරවය සඳහා මධ්‍යාහ්න 12.00 සිට පස්වරු 3.00 දක්වා දේහය නිදහස් චතුරස්‍රයේ තැන්පත් කෙරේ. පස්වරු 3.00 ට අවසන් ගෞරව උත්සව සභාව ආරම්භ වෙයි. ආදාහනය පස්වරු 6.00 ට කිරීමට නියමිතය.
ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදිනට ජාතික ශෝක දිනයක් ලෙසට නම් කරන්නට පුලුවන්න්ම් වඩාත් සුදුසුයි!!!!!!!!!!!!!!!!!!!!
ලෙස්ටර් නම් ශ්‍රේෂ්ඨයි. ඒ පිළිබඳ නොදන්නවුන් අමන කතා කියා පව් පුරවා ගන්න එපා කියලා කියන්න කැමතියි. එතුමාගේ සිනමා ජීවිතයෙන් කළ නිෂ්පාදන වලින් ලක් වැසි බුද්ධිමත් ළමා, තරුණ, මහලු සැවොම ලබා ගත් අවබෝධය සතුට, ළමා වියේ දඟකාරකම්, සදාචාරත්වය, ජාතිහිතකාමිත්වය, නාගරිකකරණයේ ප්‍රශ්න, ආගමික මෙහෙය, තරුණ ආදරය, සමාජ අසාධාරණත්වය, අද්භූත විශ්වාස වලින් සිදුවන හානි... මේ සියලු දේ ඇතුළත් වුනා. රේඛාව, සන්දේශය, ගම්පෙරලිය, යුගාන්තය, රන්සලු, ගොලුහදවත, දෙලොවක් අතර, මඩොල්දූව, නිධානය, පුරන් අප්පු හොඳ උදාහරණ වේ. නොදන්නකම සමාව ලැබිය හැකි වරදක් වුවත් නොදැන විවේචනයට සමාව දිය නොහැක. එහෙම කරන්න එපා. කරුණාකර නොදන්නා අය කමෙන්ට්ස් නොකර බුද්ධිය මෙහෙයවා යූටියුබ් බලන්න.