ජනාධිපතිවරණ සමයේ රත්නපුර ප්‍රදේශයේ පුද්ගලයකු ඝාතනය කළැයි කියන සැකකරුවකු වසන් කළැයි පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ඒ ජයසිංහ මහතා ඇප මත මුදා හරින ලෙස පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
 
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරගේ නම බී වාර්තාවට අතුළු නොකරන ලෙසට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා උසස් පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇතැයි විමර්ශනයේ දී අනාවරණය වීම නිසා අද උදේ ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
 
විද්‍යා දැරිය ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු ස්විස් කුමාර් මුදා හැරියේයැයි කියන සිද්ධියට ද ලලිත් ජයසිංහ මහතා ඇප පිට සිටියි.