(මුදිතා දයානන්ද)
සියලූම උසස් පෙළ සිසුන්ට ලබන වසරේ සිට ටැබ් පරිගණකයක් ලබාදෙන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අද(29) කෝට්ටේදී පැවසීය.
පිටකෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයේ ‘ස්මාර්ට් ක්ලවුඩ්‘ ඩිජිටල් තාක්ෂණික ඉගෙනුම් පංති කාමරය නිරික්ෂණය කිරීම සඳහා පැමිණි අවස්ථාවේ මේ බව පැවසූ අගමැතිවරයා මෙසේද පැවසීය.
‘‘21වැනි සියවසේ ජීවත් වන්නන් හැටියට අද අපි නවීන තාක්ෂණය අපේ දරුවන්ගේ අධ්‍යාපනයේ දියුණුව සඳහා යොදා ගත යුතුයි. ඒ අනුව තමයි පළමු අත්හදා බැලීම හැටියට ජයවර්ධනපුර විද්‍යාලයේ ඩිජිටල් තාක්ෂණික ඉගෙනුම් පංති කාමරය ඇති කළේ. එහි යහපත් ප‍්‍රතිඵල අපට දකින්න ලැබෙනවා. අපි දැන් තීරණය කර තිබෙනවා ලබන වසරේ සිට උසස් පෙළ ඉගෙනුම ලබන සිසුන්ට ටැබ්ලට් එකක් ලබාදෙන්න. එයින් සිසුන්ට තමන්ගේ පාඩම් වැඩ කටයුතු පහසුවෙන් කරගන්න, අන්තර්ජාලයට පිවිස නව දැනුම එකතු කරගන්න හැකියාව ලැබෙනවා. අපි මේ තත්වය වෘත්තිය පුහුණුව සඳහාද යොදාගනිමින් දශකයක් තුළදී නව ක‍්‍රමයට අපේ අධ්‍යාපනය රැගෙන යන්න බලාපොරොත්තු වෙනවා‘‘
COMMENTS
ගිය වසරෙත් දීපු එක මේ වසරේ නැවත දෙන්න හිතුනේ කුමකටද ? ටැබ් 2 ක් මොකටෙයි .
අනේ මෙහෙමත් කතා .ලංකාවේ පුරවැසියන්ගේ දැවෙන ප්‍රශ්න මේවද ?
අපේ සීයා අපට නිතරම කියපු කතාවක් මගේ මතකයට නැගෙනවා. පුතේ අවංකව අඩුවෙන් කතා කරන්න අවංකව වැඩියෙන් වැඩකරන්න.
නාඩගම්, ලංකාවේ ඉස්කෝලේ යන්න විදිහක් නැති, විදුලිබලය නැති, ඉස්කෝලෙට අදින්න ඇදුම් සපත්තු නැති, ළමයි ඕන තරම් ඉන්නවා. අවම පහසුකම් සපුරන්නේ නැතිව සුදු අලි දෙන්න එපා. ඔබ කලින් දුන්න ටැබ්, බේස්ලට් අපි ගාව තවම තියෙනවා.
කවුද? ඉල්ලුවේ ටැබ් . ළමයින්ට ඉගනීමට ඉංග්‍රීසි, ගණිත ගුරුවරු ලබාදෙන්න. පාසල්වලට වැසිකිලි පහසුකම් ලබා දෙන්න දුෂ්කර පළාත්වල ඉන්නේ ගුරුවරු එක්කෙනයි. ටැබ් දීමෙනුත් ගණනක් ගහගනි
මෙයා කොහොමත් ඔය වගේ එක එක දේවල් කාලෙන් කාලෙට දෙනවා. බෙස්ලට්, ෆ්‍රී වයි-ෆයි
ටැබ් දීලා ළමයින්ගේ ඔළු කන්නයි හදන්නේ දැන් ටෙල්ෆොන් වසංගතයෙන් ඔලු නරක වෙලා මදිවට ටැබ් දීලා පිස්සොම කරලා දාන්නයි යන්නේ.. රටේ ඊට වඩා ප්‍රශ්න තියනවා ඒවා නිරාකරණය කරන්න උත්සාහ කරන්න. ටැබ් දෙන්නේ රටේ මහජන දේපල විකුණලා ණයවෙලා...
එක ත්‍රීවීල් එකේ ළමයි දහතුනක් ගිහින් හැප්පුන නිසා ගොඩක් අය දැනගත්තේ ලංකාවේ එහෙමයි කියලා. මෙයයි, අරයයි තවම පත්තරේ බලලා නැති හැඩයි.
අපි හැම විටම ප්‍රමුකතා පටලවාගෙන ඇති සැටියක් පෙනේ. මම දැක්ක ගොඩනැගිලි වහල නැති පාසල් තියෙනවා. මධ්‍යම පළාතේ හා වයඹ පළාතේ. වන්නි, ඈත ඌව පාසල්වල මිට වඩා ප්‍රශ්න තියෙන පාසල් ඇති. ඇයි අපේ අගමැතිතුමාට මේවා පේන්නේ නැත්තේ?
ටැබ් කෙසේ වෙතත් කොල්ලෝ ටික දැන් ගජරාමෙට ටැබා ගහනවා කියලනම් පෙනෙනවා. අහෝ ධර්මද්වීපයට ගිය කලක්!
වැඩකට ඇති දෙයක් කියන්න පුරුදු වෙන්න අගමැතිතුමා.
හිස් කතා!!! මේවට අපි රැවටුණු කාලයකුත් තිබුණා. නමුත් දැන් ඒ කාලේ ඉවරයි.
කාටවත් තේරුම් ගන්න බැරිද? පළාත් පාලන ඡන්දෙ ඉදිරියේ, මේ සැරේත් ජනතාවව ගොනාට අන්දන අයුරු බලනවා.
අර ෆ්‍රී වයි ෆයි වගේද? ෆ්‍රී වයි ෆයි දෙනවයි කියමින් ඉන්ටර්නෙට්වලට අමතර බද්දක් පේනවා. මොනවා හරි යටි අරමුණින් තමයි කියන්නේ..
අනේ මන්දා, අපේ ආච්චි මේවට කිව්වේ කට මැත දොඩවනවා කියලා... අම්ම කිව්වේ ඔල්මාදෙන් දොඩවනවා කියලා... තාත්ත කිව්ව දේ මෙතන ලියන්න අමාරුයි.
ලංකාවේ වැඩිහිටි මිනිස්සුන්ට නම් ඒ හැටි කියන්න ප්‍රශ්න නැහැ. තුන්වේලම කන නිසා මහත්වීමේ අවදානම පමණයි ඔවුන්ට තියෙන්නේ. තරුණ පරපුරට ටැබ් එක්ක කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් තිබුණත් ඒකට කාලයක් නැහැ. ඒ අය ඉල්ලා සිටින්නේ 2005 ජනාධිපතිවරණයේදී තරුණ තරුණියන්ට දෙනවයි කියලා තවම නුදුන්නු බ්‍රේස්ලට්. මොකද ඒ ගොල්ලෝ දන්නවා ටැබ්ලට් ලැබෙනකොට මේ පරම්පරාව වල පල්ලේ කියල.
අවරුදු 12 ට කලින් රත්රන් මාල දුන්න, ෆ්‍රී එන්ටනෙට් දුන්න මමනේ
ටැබ් නැතිව නොමිලේ බනිස් දෙනවා කිව්වා නම් මෙතන වර්ණනා බලන්න තිබ්බා. මොකද සහනාධාර මානසිකත්වය ඉන්න කටට වැටෙනකන් බලන් ඉන්න උන්දැලා ගොඩක් ඉන්න නිසා. මේ වසරෙදි ටැබ් දුන්නේ නියමු ව්‍යාපෘතියක් විදිහට. ලබන වසරේදී ඒක හැමෝටම ව්‍යාප්ත කරනවා කියලා කියන්නේ. දැන් කියයි ඉස්කෝල වල වැසිකිළි නෑ කියලා. ඒවා තමයි ළඟම පාසැල හොඳම පාසැල ව්‍යපෘතිය යටතේ දියුණු කෙරෙන්නේ. අද ලෝකය දියුණු වෙනකොට අපි ඒ එක්ක ඉදිරියට යන්නේ නැත්නම් අපි මඟ හැලෙනවා. ලංකාවේ ව්‍යායාම මං තීරු හදනකොට සමහරු කිව්වේ සල්ලි කාරයින්ට බඩ බහින්න, ඕකද ලංකාවට ඕනේ කියලා. ඒත් අද කොච්චර දෙනෙක් ඒක පාවිච්චි කරනවද? ඉස්සර ඉස්කෝලවල විභාග ප්‍රතිඵල ලේඛනය බලන්න පොර කනවා. ඒත් අද කවුද ඕක බලන්නේ?සේරම ෆෝන් එකෙන් ප්‍රතිඵල බලනවා. අද චීනේ පේමන්ට් එකේ බඩු විකුණන මිනිහා ගාවත් මොබයිල් එකෙන් සල්ලි ගෙවලා බඩු ගන්න හදලා තියෙන්නේ.
කාලෙකට ඉස්සරත් රත්තරන් මාල, බ්‍රේස්ලට් දුන්නා අපේ නිදහස් වෙළඳ කලාපේ සහෝදරියන්ට...
මුලින්ම බ්‍රේස්ලට් දුන්නා. ඉන්පසු චුයිංගම් වයිෆයි මේ සැරේ ටැබ්. අනේ සාදු !
රනිල් රත්තරන් බ්‍රේස්ලට් දුන්නා.. එකපාරක් වයිෆයි දුන්නා. තවපාරක් දැන් ටැබ්ලට් දෙනවා. ඔක්කොටම ප්‍රථමයෙන් ඡන්දෙ දීපු ජනතාවට කන්න දෙන්න.!!!