(අජන්ත කුමාර අගලකඩ)
යහපාලන ආණ්ඩුවේ ලබන වසර සඳහා වන අයවැය ලේඛනය ලබන නොවැම්බර් 5 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ඒ සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද අද (18) පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමි වී ඇත.
අයවැය තුන්වන වර කියවීමේ ඡන්දය විමසීම ලබන දෙසැම්බර් මස 8 වැනිදා පැවැත්වීමට ද තීරණය කර ඇත.
අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලබන නොවැම්බර් මස 5 වැනිදා සිට නොවැම්බර් මස 8 වැනිදා දක්වා කාලය තුළ ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ට අසනීපයකට ප්‍රථිකාර ගැනීමට හැර විදේශ ගත වීම තහනම් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට යන විදියට ලබන වසර වෙනකම් මිනිස්සු ජිවත් වෙයිද. ඇමති මණ්ඩලේට විතරක් මෙවර හදාගන්න. මිනිසුන්ට කෝ මුදල් වැය කරන්න
අයවැය නොමැතිවම භාණ්ඩ වල හා සේවාවල මිල වෙනස් (ඉහල යනවා) වෙනවා. ඉස්සර වගේ අයවැය අහන්න උනන්දු වෙන්නේ කියෙන් කී දෙනාද? පහුවෙනිදා පත්තරේ එනකම් බලාගෙන ඉන්නේ වෙනස බලන්න. දැන් කඩේට ගිය ගමන් වෙනස බලන්න පුළුවන්. ග්‍රෑම් 500 ගන්න ගියොත් ග්‍රෑම් 250 ක් අරන් එන්න පුළුවන්.