IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ලක් - සර්බියා නව ගුවන් සේවා ගිවිසුමක්

( තිළිණි ද සිල්වා )
 
ශ්‍රී ලංකාව සහ සර්බියාව අතර නව ගුවන් සේවා ගිවිසුමකට අත්සන් තැබූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. 

රටවල් දෙක අතර කෙරෙන සංචාරක කටයුතු ඉහළ නැංවීමේ විශේෂ අරමුණන් යුතුව රජය මෙම ගිවිසුමට අත්සන් කළ බවද එම අමාත්‍යාංශය කියා සිටී.

සර්බියානු ජනරජයේ  නියෝජ්‍ය අග‍්‍රාමාත්‍ය  හා විදේශ කටයුතු අමාත්‍ය ‘ඉවිකා දාචිච්‘ මහතාගේ දෙදින ශ්‍රී ලංකා නිල සංචාරය අතරතුරදී මෙම ගිවිසුමට එළැඹි බවද විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

එහිදී මෙරට රජය වෙනුවෙන් ප‍්‍රවාහන හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාද සර්බියාව වෙනුවෙන් අමාත්‍ය  ඉවිකා දාචිච් මහතාද එම ගිවිසුමට අත්සන් තැබූහ.

සර්බියා නියෝජ්‍ය අග‍්‍රාමාත්‍යවරයා ගේ මෙම ශ්‍රී ලංකා සංචාරයේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහකතානායක කරු ජයසූරියවිදේශ කටයුතු අමාත්‍ය  තිලක් මාරපන මහත්වරුන් හමුවී සාකච්ඡා පැවැත්වීය.

සර්බියානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා අතර සාකච්ඡාවේදී ආයෝජන අවස්ථා ,කෘෂිකාර්මිකආහාර සැකසුම්හා ඉදිකිරීම් ක්ෂේත‍්‍රවල මෙරට පවතින ආයෝජන අවස්ථාවන් , අධ්‍යාපන ක‍්‍රීඩාප‍්‍රවාහනහා සංචාරක ක්ෂේත‍්‍රවල සහයෝගීතාව වැඩිදියුණු කිරීම යනු කරුණු ගැනද වැඩි අවධානයක් යොමු වී ඇත.

තවද ලංකාව සහ සර්බියාව හා ශ්‍රී ලංකාව අතර ඇති වීසා ලබාගැනීමේ ක‍්‍රමයය වඩාත් ලිහිල් කිරීම පිළිබඳව ව්‍යුහාත්මක ආකාරයෙන් සොයා බැලීමට දෙරටේ විදේශ අමාත්‍යාංශ අතර කෙරෙන උපදේශනවල දෙවැනිවටය හැකි ඉක්මනින් පැවැත්වීමට අමාත්‍ය දෙපළ එකඟ වූ බවද විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.
 
 



අදහස් (3)

ලක් - සර්බියා නව ගුවන් සේවා ගිවිසුමක්

wicky italy Monday, 14 May 2018 08:59 PM

මේ තරම් පිරිසක් ගමන් කරපු ඉතාලි කොළඹ ගුවන් ගමන නතර කරලා දාල සර්බියාවේ ඉඳල ගුවන් ගමන් පටන් ගන්න යනවා. ඉතින් ගුවන් සමගම ලාබ ලබයිද.

:       10       15

Kodda Tuesday, 15 May 2018 08:02 AM

සර්බියාවට ගිහින් එහේ ඉදන් ඉතාලි වලට බස් එකේ යන්න පුලුවන්.....

:       0       0

rohana kumara mendis Tuesday, 15 May 2018 04:52 PM

ඉතාලියට විතරක් නෙමේ යුරෝපයේ බොහෝ රට වලට ගුවන් ගමන් නතර කළා . මොකද ජුලි අගෝස්තු වල සෙනග උන්නට අනිත් මාස වල සෙනග නෑ. ගුවන් ගත කරනවාටත් පාඩුයි ඔය සුද්දෝ ටිකක් උන්නට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 244 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site