(මනෝප‍්‍රිය ගුණසේකර)
ගල්ඔය වැවිලි සමාගමට ගෙවිය යුතු රුපියල් කෝටි පහළොවකට අධික මුදල ගෙවීම සඳහා ලංකා සීනී සමාගම ඈවර කරන බව සඳහන් කරමින් ගැසට් නිවේදනය සහ පුවත්පත්වල දැන්වීම් පළ කරන ලෙස කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ගාමිණි අමරසේකර මහතා අද(31) නියම කළේය.
ගල්ඔය වැවිලි සමාගමෙන් ලබාගත් රුපියල් කෝටි 15කට අධික ඉක්‍ෂුපාන තොගයක් ලංකා සීනී සමාගම විසින් ලබාගෙන ඒ වෙනුවෙන් ගෙවිය යුතු මුදල් නොගෙවා පැහැර හැර ඇති බව කියමින් පැමිණිල්ලේ නීතිඥවරයා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd