(නිමන්ති රණසිංහ)
රුපියල් ලක්ෂ 70 කට ආසන්න වටිනාකමකින් යුත් ‘අයිස්‘මත් ද්‍රව්‍ය තොගයක් සමඟ කෙසෙල්වත්තේ ඉමිතියාස් බයර් නොහොත් රිස්කියාස් නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ ගෝලයකු වැල්ලවත්ත දිසා දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අලුත්කඩේ අබ්දුල් හමීඩ් වීදියේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී අයිස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 502ක් සහ මිලි ග්‍රෑම් 400 ක් තිබු බව පොලීසිය සඳහන් කළේය.
සැකකරු අද මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ඉමිතියාස් බයර් නොහොත් රිස්කියාස් නැමැත්තා මේ වන විට අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයද පොලීසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණ දඩුවම කට වචනයට පමණක් බව මේඅය හොඳට දන්නවා.
මරණ දඬුවම දෙන්න තරම් කොන්දක් කොහෙද.
පාවිච්චි කරන්න තහනම් නමුත් විකුනන්න තහනම් නෑ පොතේ හැටියට.
පහුගිය දවස්වල බන්ධනාගාර නිලදාරීන් මාරු කරමින් ලොකු නාඩගමක් නැටුවානේද කෝ ඉතින් බන්ධනාගාරේ ඉන්න අයගේ මත්ද්‍රව්‍ය මෙහෙයවීම නැවතුනාද?