
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මැලේසියාවෙන් ආනයනය කළ රුපියල් ලක්ෂ හතක් වටිනා ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් සොරාගෙන රුපියල් තුන්දහසකට උකස් කොට හෙරොයින් පානය කළ පුද්ගලයකු අද (07) අත්අඩංගුවට ගත්බව කිරුලපන පොලිසිය පවසයි.
සැකකරු භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධීන් අටකට වරදකරු වීම හේතුවෙන් දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු බවට නම් කළ අයෙකු බවද පොලිසිය කියයි.
මාර්ගයක නවතා තිබූ මෝටර් රථයකින් රන් භාණ්ඩ සොරා ගැනීමෙන් සිද්ධියකට බන්ධනාගාර ගතව සිට මසකට පෙර නිදහස් වී පැමිණි අයකු බවද පොලිසිය පැවසීය.
සොරාගත් ලැප්ටොප් පරිගණක යන්ත්‍රය බොරැල්ල ප්‍රදේශයේ අලෙවි සැලකට උකස් කර තිබියදී පොලිසිය සොයාගෙන තිබේ.
බොරැල්ල සහ සහස්පුර ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි සැකකරු අලුත්කඩේ අංක 3 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
කිරුලපන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
අයියෝ! මොනවද ළමයෝ මේ කරන දෙකයි පනහේ හොරකම්? කරනවා නම් කෝටි ගාණක හොරකමක් හෝ මිනීමැරුමක් කරලා ලංකාවේ පාර්ලිමේන්තුවට එන්න මාර්ගයක් නේද පාද ගන්න ඕනෑ..