බිමල් ශ්‍යාමන් ජයසිංහ
මාලඹේ නගරයේදි අද උදෑසන සූඛෝප බෝගී මෝටර් රථයකින් කුඩු රැගෙන යමින් සිටි තරුණ යුවලක් අත් අඩංගුවට ගෙන අතර එම මෝටර් රථයේ තිබි රුපියල් ලක්ෂ50ක කුඩු සොයාගත් බව පොලිසිය කියයි.
කුඩු රැගෙන ගිය බව කියන තරුණයා අත්අඩංගුවටගෙන ඔවුන්ගේ නිවෙස රැගෙන ගිය අවස්ථාවේ කිසියම් තියුණු ආයුධයකින් ඔහු ඇන ගැනිම නිසා ප්‍රති කාර සඳහා රෝහල් ගත කර ඇත.
සැකකරුගේ වැඩිමහල් සහෝදරයා කුඩු රැගෙන යාමේ චෝදනාවට සිර ගත කර ඇති අතර බාල සහෝදරයා මිනීමැරීමේ චෝදනාවට සිරගත කර ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වූ බව පොලිසිය කියයි.
COMMENTS
2014 වසරේදී පාර්ලිමේන්තුවේ ලංකාවේ බෙරිහන් දීපු රන්ජන් කියන මහජන නියෝජිතයා අද මේවා ගැන කියන්නේ මොනවද?
ජීවිතයක වටිනාකම මේ වගේ මිනිස්සු නොදැන සිටීම මොනතරම් විනාශයක්ද කරන්නේ? අනුන්ගේ ජීවිත විනාශකරන විෂ මත්ද්‍රව්‍ය විකුණලා ඉක්මණින් සල්ලි හම්බ කරන්න ගිහින් අහු වුණාම තමන්ගේම ජීවිතේ වුනත් විනාශකර ගන්න පෙළඹෙනවා. කෝ අපේ රටේ මිනිස්සුන්ගේ සාරධර්ම?
රන්ජන් කියන්න ඕනෑ දේ කොහොමත් කියනවා. නමුත් රන්ජන් රටේ ජනාධිපති නෙමේ. ජනතා නියෝජිතයෙක්. අසාධාරණයට විරුද්ධ කෙනෙක්. ඕවට ලංකාවේ පොලිසියක් ඉන්නවා ආර්ෂක ඇමතියෙක් ඉන්නවා. පසුගිය කාලේ ආණ්ඩුවේ අයමනේ ඔය වැඩේ කළේ... ඇයි අමතකද? ලුසේනා මහත්තයෝ
සමහර නායකයෝ හෙළිකොප්ටරයෙන් ලේන්සු ගේන්න ගියා නේද?
මත් ද්‍රව්‍ය වල අාරම්භය 1980 දශකයේ එවකට දේශපාලකයන්ට හවුල් වුණු අද ඉන්න පිරිසයි.. මේවායේ අතිදක්ෂයින්ට, නිර්මාණකරුවන්ට ජයවේවා!!!
මේ හලෝ මෙහෙ කුඩු රාජධානියක් වෙලා මරා ගන්නවා. එදා මෙදා කතා වලින් දේශපාලනයෙන් වැඩක් නැහැ. කුඩු ආණ්ඩු කිව්වේ දැන් කුඩු රජ ආණ්ඩුද?
එදා තිබූ තත්වයට වඩා අද යහපත් තත්වයක් තියෙනවා.. රටේ ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා ඒවා බේරාගන්න යන්නේ නැහැ. ඉස්සර එහෙම තත්වයක් තිබුණා. අබා කොස්තා පියතුමා මරුවා. මිනීමරුවන්ටත් පාර්ලිමේන්තුවෙන් අනුමත කරගත් නීතියක් මගින් අැප නොදිය හැකි වරදක් බවට පත් කල යුතුයි. මෙම අපරාද කරුවන් මුළු ජීවිත කාලයේම හිරේ තැබිය යුතුයි.
මෙතන පටු දේශපාලන කතා එපා. රටේ පාලකයින් තද නීති සම්පාදනය කොට හමුදාවට, විශේෂ කාරය බලකාය යොදා හෝ කුඩු ජාවාරම් සහ මිනීමරු පාතාල කල්ලිය මැඩපැවැත්විය යුතුයි. පසුගිය රජය කාලේ කරපු දේවල් අහන්න ඕනෑ ඒ අයගෙන්මයි. මේ අපරාදකරුවන් මෙල්ල කල යුතුයි. මොවුන්ට ඇප නොදෙන නීතියක් ගේන්න. ප්‍රාදේශීය සභාවලට කුඩු සම්බන්ධ සහ පාතාල කරුවන්ට සම්බන්ධ අයට ඡන්දෙ ඉල්ලන්න දෙන්න එපා. එහෙම අයව ජනතාවට දැනුම් දීමට මාධ්‍යය පෙරමුණ ගත යුතුයි.
සාමාන්‍ය පොලිසිය ගොළුවන් බිහිරන් මෙන් ඉන්න කොට විශේෂ කාර්ය බලකාය ලොකු සේවයක් රටට කරන බව පෙනී යනවා , ස්තුති
මේ කපේට ඕවා කරන එක නවතින්නේ නැහැ.