(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ අරපනාගොල්ල කර්මාන්ත ශාලාවකට අයත් රුපියල් තිස් එක් ලක්ෂයකට අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධයෙන් එම මුදල් බාරව සිටි අයකැමිවරයකු ඇතුළු තිදෙනකු අද (21) කහංවිල දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ගිනි අවියක්,උණ්ඩ 12ක්,හමුදා නිල ඇඳුම් සහ සෙල්ලම් පිස්තෝලයක් ද අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අතර හිටපු හමුදා කෝප්‍රල්වරයකු ද සිටින බවත් හෙරොයින් මත්කුඩුවලට ඇබ්බැහි වූවකුද සිටින බව පොලිසිය කියයි.
කොල්ලකන ලද මුදලින් මිලදී ගෙන ඇති බව කියන ගෘහ භාණ්ඩ මුළුතැන් උපකරණ කිහිපයක් ද පොලිසිය බාරයට ගෙන තිබේ.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.