
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
පල්ලවෙල ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා කේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අද (14) අත්අඩංගුවට ගත්බව බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පල්ලවෙල මිහිඳු පුරය හා මිදෙල්ලවල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ ගම්පහ ඒකකයට ලැබුණු තොරතුරක් මත පල්ලවෙල පොලිස් වසමේ මල්ලැහැව ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් දෙදෙනා කේරල ගංජා කිලෝ එක හමාරක් සමඟ අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
මෙසේ අත්අඩංගුට ගත් කේරල ගංජා තොගය රුපියල් 3,10,000 (තුන්ලක්ෂ දස දහසකට) විකිණීමට ගෙන යමින් තිබූ බව මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.
අත්අඩංගුවට ගත් එක් සැකකරුවකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලින් පසුව පල්ලවෙල මිහිඳු පුර පදිංචි හිටපු නාවික හමුදා සෙබළෙකුගේ නිවසේ තිබී සෙසු කේරල ගංජා තොගය සොයා ගැනීමට හැකි වූ බව බුද්ධි කොට්ඨාසය කියයි .
අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගය පාර්සල් පහක් වශයෙන් සකස් කර තිබූ බව පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd