( දිල්රුක්ෂි ග්‍රේරු )
බන්ධනාගාරගතව සිටින කෙසෙල්වත්ත ලසන්ත හෙවත් ‘ලසා‘ නැමැත්තාගේ ප්‍රධාන ගෝලයකු හෙරොයින් ග්‍රෑම් 201යි මිලිග්‍රෑම් 1 ක් සමඟ වැලිකඩදී අත්අඩංගුවට ගෙන තිබේ.
එම හොරොයික් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 24 කට අධික බව මත්ද්‍රව්‍ය කාර්යාංශය පවසයි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණු තොරතුරක් අනුව බන්ඩාරනායකපුර ප්‍රජාශාලාව අසලදී මොහු අත්අඩංගුවට ගෙන තිබේ.
ජීවිතාන්තය දක්වා සිරඳඩුවම් විදින කෙසෙල්වත්තේ ලසන්ත නැමැත්තාගේ හෙරොයින් ජාවාරම් කටයුතු කොළඹ හා පිටත ප්‍රදේශවල බෙදාහැරීමේ කටයුතු වල නියැලෙන ප්‍රධාන පුද්ගලයා මොහු බව හඳුනාගෙන ඇති බව මත්ද්‍රව්‍ය කාර්යාංශය පවසයි.
ඔහු කුලි පදනම මත බොරැල්ල ප්‍රදේශයේ තාවකාලිකව රැදී සිටින අයෙකු බවද තොරතුරු අනාවරණය වී තිබේ.
දින හතක් රඳවා ප්‍රශ්න කිරීමේ නියෝග ලබා ගැනීම සඳහා සැකකරු අද (24) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
අපේ අයට එල්ලුම් ගහ නෙමෙයි ඊට වඩා දඬුවමක් දෙනවයි කිව්වත් මේවානම් අත්හරින එකක් නැහැ.
මරණ දඩුවම ක්‍රියාත්මක කරන තෙක් මේවා මේ විදිහට සිද්ද වෙනවා.