( දිපා අදිකාරි )
රුපියල් විසිහතර ලක්ෂ පනස් දහසක් වටිනා විදේශ මුදල් තොගයක් නිති විරෝධි ලෙස මෙරටින් පිට කිරීමට උත්සහ කළ බව කියන ශ්‍රී ලාංකිකයකු කටුනායක ගුවන්තොටුපොළේදී අද (09) අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි.
එම විදේශ මුදල් අතර ඇමරිකානු ඩොලර් 15000ක් හා ස්විස් ප්‍රෑන්ක් 200ක් තිබූ බව රේගුව කියයි.
සැකකරු තායි ගුවන් සේවයට අයත් ටී.ජී 307 දරණ ගුවන් යානයෙන් තායිලන්තයේ බැංකොක් නුවර බලා යාමට කටුනායකට පැමිණ තිබේ.
මේ පිළිබඳ රේගු පරික්ෂණය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ප්‍රේමරත්න බණ්ඩාර මහතා අදාළ විදේශ මුදල් තොගය රාජසන්තක කර සැකකරුට තරයේ අවවාද කර මුදා හැරියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියට අනුව විදේශ මුදල් උපරිම වශයෙන් ගෙන යා හැකි ප්‍රමාණයක් තිබේ... ශ්‍රී ලංකාවේද මෙම ප්‍රමාණය වැඩිකර තිබේ..