(සිතුම් චතුරංග)
කිලිනොච්චිය සිට දඹුල්ලට ලොරි රථයකින් රුපියල් ලක්ෂ විසිපහක් වටිනා කේරළ ගංජා කිලෝ 20කට අධික ප්‍රමාණයක් රැගෙනයමින් සිටි පුද්ගලයකු අද (18) වවුනියාව නව බස්නැවතුම්පොළ අසලදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි.
මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් වවුනියාව අපරාධ විමර්ශන ඒකකය වෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.
ලොරි රථයේ රහස් කුටියක් තුල සඟවා දීර්ඝ කාලයක සිට සැකකරු කිලිනොච්චිය සිටි කේරළ ගංජා රැගෙනයාම සිදුකොට ඇති බවත් ආරක්ෂක අංශ වෙත සොයාගැනීමට නොහැකිවන ලෙස මෙම රහස්කුටිය නිර්මාණයකොට තිබූ බවද පොලිසිය පැවසීය.
පොලිසිය වැඩිදුරටත් පැවසූයේ සැකකරු දඹුල්ලේ සිට කිලිනොච්චියට එළවළු ප්‍රවාහනය කොට එහි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගෙන් කේරළ ගංජා මිළදී ගෙන ඇති බවට තොරතුරු අනාවරණයවූ බවයි.
ලොරි රථයට ආරක්ෂාව සපයමින් ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් හා තවත් පුද්ගලයකු සැකපිට අත්අඩංගුවටගෙන ඇති අතර ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයෙකුද යන්න සොයා විමර්ශන සිදුකරන බවද පොලිසිය පැවසීය.
අත්අඩංගුවටගත් සැකකරු පොළොන්නරුව , මනම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31 පුද්ගලයකු වේ.
සැකකරු වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

2025 දෙසැම්බර් මස 04
101
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
359
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
372
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලක්ෂ 20 ක් වටිනා කේරළගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 18 June 2020 12:29 PM
වැටලීම් කළ පොලීසියට අපගේ ස්තුතිය ! මේ කේරළ ගංජා එන්නේ ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් බව පැහැදිලිය. මේ අවස්ථාවේදී මේවාත් සමග කොරෝනා ද පැමිණිය හැකි බැවින්, මේ සම්බන්ධව මීට වඩා ඉක්මන් දැඩි පියවර ගත යුතුයි. මන්දයත් ඉන්දියාවේ කොරෝනා වලින් විශාල ලෙස මිනිසුන් මියයන බැවිනි.