(ටී.කේ.ජී.කපිල )
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ශීතකරණයක බහා නීතිවිරෝධී ලෙස කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට තැත් කිරීමේ දී අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර ගුවන් මගියෙකු සහ ගුවන් තොටුපොළේ තීරු බදු රහිත සාප්පුවක සේවකයින් දෙදෙනෙකුද සිටින බවද රේගුව පවසයි.
ශීතකරණය තුල තිබී දුම්වැටි කාටූන් 115 ක් සොයා ගෙන ඇත. මේ පිළිබඳව වැඩිදුර ප්‍රශ්න කිරීම් වලින් පසු අදාළ තීරු බදු රහිත සාප්පුව ද පරීක්ෂා කළ රේගු නිලධාරීන් ඒ තුළ සගවා තිබූ තවත් විදේශීය නිෂ්පාදිත දුම්වැටි කාටූන් 48 ක් ද සොයා ගෙන තිබුණි.
මෙම දුම්වැටි තොගයේ මුළු වටිනාකම රුපියල් 1,630,000 ක් බව රේගුව සඳහන් කළේය.

COMMENTS
ඔබ සැම දෙනාගෙන් මම ඉල්ලන්නේ කිසිමදාක තීරු බදු සහිත සාප්පු වලින් බඩු ගන්න එපා. හැමතැනකම කරන්නේ වංචාව. අපට පෙන්නන දේ නෙවෙයි මෙයාල අපට දෙන්නේ. ගෙදර ගිහිල්ලා බලනකොට දීලා තියෙන්නේ කැඩිච්ච එකක් නැත්නම් වෙන එකක්. අපි කතා කරලා ඇහුවම කියනවා වැරදීමක් කියලා. ඊටපස්සේ දහස් ගණන් වියදම් කරගෙන නැවත අපි බඩු ගන්න අරගෙන යන්න ඕන මාරු කරගෙන එන්න, ලාබෙට බඩු ගන්න ගිහිල්ල ඊට වඩා ලොකු පාඩු විදින්න සිද්ධ වෙනවා. මම මේ අත්දැකීමෙන් කියන්නේ.
මාස 6කට වඩා වැඩියෙන් පිටරට ඉදලා එන අහිසක මිනිස්සුන්ට ඩියුටි ෆ්‍රී කඩවලින් බලපෑම් කරනවා ෆ්‍රිජ් එකක් එලියට දාල දෙන්න කියලා. මේක මටත් වෙලා තියනව. මම නම් සිහලෙන් කියල දුන්න. එත් සමහරු මේ අයගේ කීමට ඔය වැඩේ කරනවා. දවසක් නමගිය අකුරු දෙකේ විදුලි උපකරන විකුණන කඩේක එකෙක් මගෙන් ඇහුව් ලිකර් ගන් නැද්ද සර් කියල. මම ඇහුව ඔයාල ලිකර් විකුණනවද කියලා.? පාඩුවේ මාරු උනා මිනිහ. දුම් පානය කරන කාමරයට මේ මෙහොතේ ගියත් බලාගන්න පුළුවන් විදේශිකයන්ගෙන් සිගරට් හිගාකන ටයි කොට් දාගන ඉන්න ලංකාවේ ප්‍රොෆෙෂනල් හිගන්නෝ. මේ දේවල් මම දැන් අවුරුදු 10ක් ඉදන්. කිසිම වෙනසක් නෑ. කවුරුවත් වගකිව යුත්තෙක් බලන්නේ නෑ.