(ටී.කේ .ජී.කපිල )
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධීව කුවේටයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ ව්‍යාපාරික තරුණයකු (29) කටුනායක ගුවන් තොටුපොළ දී අද (10) රේගුව විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා පවසයි.
ඔහු රැගෙන ආ භාණ්ඩ අඩංගු ගමන් මලුවල මෙම දුම්වැටි තොගය සගවා ගෙන තිබේ. මෙම දුම්වැටි විදේශීය නිෂ්පාදිත "ටොප් මවුන්ට් " වර්ගයේ වන අතර,එහි දුම්වැටි කාටූන් 125 ක් තිබූ බවත් ඒවායේ වටිනාකම රුපියල් දොලොස් ලක්ෂ පනස් දහසක් බවත් රේගුව සදහන් කරයි.
දුම්වැටි තොගය රාජසන්තක කර තිබෙන අතර , මෙම ව්‍යාපාරිකයාට රුපියල් 25,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර ඇත .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.