තිළිණි ද සිල්වා
මුහුදු මගින් ශ්‍රී ලංකාවට යෑමට උත්සාහ කළ තමිල්නාඩුවේ සරණාගත කඳවුරක සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් දෙදෙනෙකු ඉන්දියාවේ රාමේෂ්වරන් ප‍්‍රදේශයේදී අත්අඩංගුව ගෙන ඇතැයි චෙන්නායි හි ශ්‍රී ලංකා තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සෙයින්සන් (26) සහ ජය කුමාර් (27) නැමැති ලාංකික තරුණයින් දෙදෙනෙකි.
මෙම සැකකාර ලාංකික සරණාගතයින් දෙදෙනා බෝට්ටුවකින් රාමේෂ්වරන් හි පද්මන් ආශ‍්‍රිත මුහුදු තීරය ඔසසේ ලංකාවට බලා යෑමට උත්සාහ කිරීමේදී ඉන්දීය වෙරළ ආරක්ෂක පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා තමිල්නාඩු විල්ලපුරම් සහ තිරුචිරිප්පලෙයි ප්‍රදේශවල පිහිටි සරණාගත කඳවුරුවල රැඳී සිටි පුද්ගලයින් බව සඳහන්ය.
ඔවුන් නීතිවිරෝධී ලෙස බෝට්ටු මගින් ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම්ව සිටින බවට ඉන්දීය වෙරළ පොලීසියට ලැබුණු ඔත්තුවකින් පසුව මොවුන්ව අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd