( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය තවදුරටත් පවත්වාගෙන යාමට අනුමැතිය පල කරන බව ජාත්‍යන්තර වෙළඳාම සඳහා වන යුරෝපා පාර්ලිමේන්තු කමිටුව පවසයි.
එම සහනය ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ මිත‍්‍රශීලීව කටයුතු කරන බව එහි සභාපති ජාන් සහරාදිල් මහතා ප‍්‍රකාශ කර ඇත.
අත්හිටුවා තිබූ ජි.එස්.පී ප්ලස් සහනය මෙරටට ලබාදී වසරක පමණ කාලයක් ගත වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප‍්‍රගතිය අගය කරන බව කමිටු සභාපතිවරයා කියා සිටියි.
මෙම යුරෝපා පාර්ලිමේන්තු කමිටු නියෝජිතයින් සමඟ එක්ව මෙරට සංචාරය කළ යුරෝපා සංගමයේ දකුණු ආසියානු නේවාසික නියෝජිත සජාඩ් කිරීම් මහතා කියා සිටියේ එම සහනය ලබාදීම සම්බන්ධයෙන් කොන්දේසි ඉදිරිපත් කළ නොකළ නමුත් මෙරට මානව අයිතිවාසිකම් වර්ධනය සඳහා ත‍්‍රස්තවාදි වැළැක්වීම වෙනුවට කඩිනමින් නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බවයි.
යුරෝපා පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක් පසුගිය 4 වැනි දා සිට මෙරට සංචාරයක නිරත වන අතර ජි.එස්.පී ප්ලස් සහනය ලබාදීමේ ප‍්‍රගතිය පිළිබඳ ඔවුන් එහිදී අධ්‍යනය කර තිබේ.
මේ අතර අන්තර් ජාතික වෙළඳාම සඳහා වන යුරෝපා පාර්ලිමේන්තු කමිටු නියෝජිතයින් අද (6) අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ , කතානායක කරු ජයසූරිය, විපක්ෂ නායක ආර්.සම්පන්දන්, කම්කරු අමාත්‍ය ජෝන් සෙනවිරත්න, නීතිය සහ සාමය අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ප‍්‍රසාද් කාරියවසම් මහතාද හමුවී සාකච්ඡා කළහ.
2025 දෙසැම්බර් මස 18
609
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංකාවට ජීඑස්පී ප්ලස් සහනය තවදුරටත්