IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලංකාදීප ආලෝක පූජාවේ බොදු බැති ගී සරණිය

හර්ෂණ තුෂාර සිල්වා තන්තිරිමලේ සිට

‘ලංකාදීප පොසොන් ආලෝක පූජාවට’ සමගාමීව මහවිලච්චිය ශාසනාරක්ෂක බල මණ්ඩලය සහ මහවිලච්චිය ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ ‘බොදු බැති ගී සරණිය’ අද (29) රාත්‍රීය මුළුල්ලේ තන්තිරිමලේ රජ මහ විහාරස්ථාන පුද භූමියේදී පැවැත්විණි. 

විජය පුවත්පත් සමාගම පහළොස්වැනි වරටත් සංවිධානය කළ ‘තන්තිරිමලේ ලංකාදීප පොසොන් ආලෝක පූජාවේ’ දෙවැනි දිනය වූ ඊයේ දිනයේදී තන්තිරිමලේ පුදබිමේ පැවැති බොදු බැති ගී සරණියට අවට දහම් පාසල් 14ක කණ්ඩායම් සහභාගී විය.

බොදු බැති ගී සරණියට සහභාගී වූ දහම් සිසු සිසුවියන්ට ‘ලංකාදීප’ සහ ‘විජය පුවත්පත් සමාගමේ’ අනුග්‍රාහකත්වයෙන් සහභාගීත්ව සහතික පත් ද පිරිනැමිණි. 

මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් ඊ.එම්.ආර් තිලකරත්න, විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ ලාල් ජයවර්ධන, සහකාර සාමාන්‍යාධිකාරි (වෙළෙඳ හා සන්නාම) සුජිත් පතිරන්නැහැ, සහකාර සාමාන්‍යාධිකාරි නිමල් වික්‍රමසිංහ, සහ සහකාර සාමාන්‍යාධිකාරි (විදුලි) නලින් නිවුන්හැල්ල යන මහත්වරුන් අතින් සිසු සිසුවියන් වෙත සහතික පත්‍ර පිරිනමනු ලැබිණි. 

මහා සංඝරත්නය, දහම් පාසල් ආචාර්යවරුන්, සිසු සිසුවියන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ. 

ඡායාරූප - ශාන්ත රත්නායක 

1. ශ්‍රී සම්බුද්ධ මෛත්‍රී දහම් පාසල - පෙරුන්කුලම

2. ශ්‍රී ආනන්ද දහම් පාසල - මන්නාරම් හංදිය

3. ශ්‍රී ඉන්ද්‍රසාර දහම් පාසල - සිවලාපිටිය

4. ශ්‍රී ඉන්ද්‍රරතන දහම් පාසල - කටුකැලියාව

5. ශ්‍රී මිහිඳු දහම් පාසල - මහවිලච්චිය

6. ශ්‍රී යසෝධරා දහම් පාසල - සඳමල්එළිය

7. ශ්‍රී ඥාණෝභිතිස්ස දහම් පාසල - යාය 06

8. ශ්‍රී ආනන්ද දහම් පාසල - කිඹුල්වැව

9. ප්‍රේමරතන දහම් පාසල - දුනුමඩලෑව

10. ශ්‍රී රාහුල දහම් පාසල - ඇත්දත්කල්ල

11. ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසල - පෙම්මඬුව

12. ශ්‍රී අත්ථදස්සී දහම් පාසල - බණ්ඩාරගම

13. ශ්‍රී සමාධි දහම් පාසල - කදුරුපිටිය

14. ශ්‍රී ධර්ම නිකේතන දහම් පාසල - මානිංගමුව



අදහස් (0)

ලංකාදීප ආලෝක පූජාවේ බොදු බැති ගී සරණිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site