(ටී.කේ.ජී.කපිල )
වන්දනා කටයුතු සදහා ඊශ්‍රායලය වෙත ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් එරට රජය මගින් පිටුවහල් කර ආපසු කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට එවා තිබේ.
මොවුන් ජෙරුසෙලම , නාසරෙත් ඇතුළු ඊශ්‍රායලයේ ජේසු උපත සිදුවූ ස්ථාන නැරඹීම සහ වන්දනා කිරීම සදහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය කතෝලික බැතිමතුන් පිරිසක් වන අතර, ඔවුන් පිළිබඳව එරට ඔත්තු සේවා මගින් සපයන ලද තොරතුරු මත මෙසේ මෙම පිරිස පිටුවහල් කළ බව අනාවරණය වී තිබේ .
ඊශ්‍රායලයේ ආගමන - විගමන නීති සහ රෙගුලාසි මත මෙම පිරිස මෙසේ පිටුවහල් කළ බව එරට රජය දන්වා එවා ඇති අතර , එහෙත් මෙම පිරිස නීත්‍යානුකූලව මෙම පිරිස ඊශ්‍රායලයේ සංචාරය සදහා ගොස් ඇති බව මේ පිළිබඳව විමර්ශන කටයුතු සිදු කළ කටුනායක ගුවන් තොටුපළ ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් නිරීක්ෂණය කර තිබේ .
මෙම පිරිස ඊයේ (20) සවස 6.45 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 282 දරණ ගුවන් යානයෙන් 43 දෙනෙකු ද , අද (21) දින අලුයම 3.45 ට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 283 දරණ ගුවන් යානයෙන් 10 දෙනෙකු ද මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත පිටුවහල් කර එවා තිබුණි .
එමෙන්ම මෙම කණ්ඩායමට අයත් තවත් 18 දෙනෙකු 21 දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත එසේ පිටුවහල් කර එවන බවට ඊශ්‍රායල රජය විසින් දන්වා එවා තිබේ .
මොවුන් සියලු දෙනා කුළියාපිටිය , වෙන්නප්පුව , මීරිගම ආදී ප්‍රදේශ වල පදිංචි සිංහල ජාතිකයන් වන අතර , මෙයින් 49 ක් පිරිමි ද , 04 ක් කාන්තාවෝ ද වෙති .
කටුනායක ගුවන් තොටුපළ සහකාර පාලකවරයාගේ උපදෙස් පරිදි මෙම පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ ජාතික බුද්ධි තොරතුරු ඒකකයේ නිලධාරීන් වෙත වැඩිදුර විමර්ශන කටයුතු සදහා භාර දී තිබේ .
COMMENTS
මොවුන් සංචාරයක් සඳහා ගිය පිරිසක් නොවේ, ඉශ්‍රායලයේ වෙසෙන ජාවාරම් කරුවන් පිරිසක් විසින් මොවුන්ව, සංචාරක වීසා මත ඉස්‍රායලයට ගෙන්වාගෙන, පසුව රෙෆියුජී වීසා ලබා දී , එරට රැදීසිටීමට අවස්ථාව ලබාදෙන ක්‍රමයක්, ඒ සදහා මෙහි සිටින ජාවාරම් කරුවන්, රුපියල් ලක්ශ 12ත් 16ත් අතර මුදලක් අයකරයි, මේ ආකාරයට මීට පෙර පැමිනි 14 දෙනෙකුද පිටුවහල් කල අතර, මෙය ඊශ්‍රායලයේ නීත්‍යානුකූලව රැකියා කරන අයද අපහසුතාවයට පත්වන අන්දමේ ජාවාරමකි.
කතෝලික අය කොහොමද සිංහල වෙන්නේ. එහෙනම් මුස්ලිම් අය දෙමල වෙන්න ඕනි. අපේ රටේ ජාතිය තීරණය කරන්නේ විස්වාසය අනුව
නිසාර්, ඕක ප්‍රශනයක් කරගන්න එපා. කතෝලික හෝ බෞද්ධ හෝ මුස්ලිම් හෝ මේ ඕනෑම අයෙක් ශ්‍රී ලාංකිකයෙක් විදිහට කියමුකෝ. එතකොට ප්‍රශ්නේ ඉවරනේ.
නිසාර්, ඔබ නිශ්ශබ්දව සිටීම ගැන සිතන් නැද්ද? ඔබ බුද්ධිමතෙකු යැයි පෙන්වීමට එයම ප්‍රමාණවත් වනු ඇත.