(ටී.කේ.ජී.කපිල)
ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරන ලද ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙක් අද (4) උදෑසන කටුනායක ගුවන් තොටුපළට පැමිණියහ.
නීතිවිරෝධී ක්‍රම භාවිතා කරමින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී සිටියදී , එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන රැදවුම් මධ්‍යස්ථානවල රඳවා තබා ගෙන සිට ඇත.
කටුනායක ගුවන් තොටුපොළේ දී මේ පිරිස ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ට භාර දීමෙන් පසු ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් ගැනීමෙන් පසු නිදහස් කිරීමට නියමිතය .
COMMENTS
දුප්පත් අපේ මුදලින් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන සදාකාලිකව රටට ණයවී ඔස්ට්‍රේලියාවට පැනගන්න අය තබාගෙන... තවත් කොටසක් රටින් පිටුවහල් කරන මේ ප්‍රතිපත්තිය කුමක්ද? මේ අය ජාතියටම ගෙවිය යුතු ණය ගෙවන්න බල කරන්න බැරි ඇයි?
පිටිගල මිලානොට ඕස්ට්‍රේලියාවෙන් වීසා නොලැබුණාට මොනවා කරන්නද? හොඳයි දැන් ලංකාවේ ඉන්න උගත්තු ඔක්කොම රටට වැඩ කරනවාද? ආණ්ඩුවේ කන්තෝරුවකින් වැඩක් කර ගන්න ගියාම තමයි හිතෙන්නේ නිදහස් අධ්‍යාපනයේ රඟ! උගත්කම විතරයි . කටේ චාරයක් නැහැ!
පිටිගල ඔයා මිලානෝ ගියේ ලංකාවේ සල්ලි දීලා ඉගෙන ගෙනද? ඔයාට ජාතියට ගෙවිය යුතු ණය ඇත්තෙම නැද්ද?
පිටිගල මිලානෝ මොනවා කියනවද මන්දා. මේ ලංකාව ආපස්සට මිසක් ඉදිරියට යාමක් නැහැ.
රටට වැඩක් නොකරන, රටට වැඩක් නැති මිනිසුන්ගේ සුඛවිහරණය බදු ගෙවන්නන්ට බරක් නොවිය යුතු බව මගේ හැඟීමයි.