IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


රුසියාව දැවැන්ත යුද අභ්‍යාසයක

රුසියාව අද (11) චීනය සමඟ එක්ව දැවැන්ත යුද අභ්‍යාසයක් ඇරඹීය. චීන සොල්දාදුවන්ගේද සහභාගීත්වයෙන් ආරම්භ වූ මෙම යුද අභ්‍යාසයට රුසියානු සොල්දාදුවන් දහස් ගණනකට වැඩි පිරිසක් සහභාගී වූහ.

‘මහා පරිමාණ ගැටුමක්’ සූදානම් වීමක් යැයි මෙම යුද අභ්‍යාසය විවේචනය කරමින් නේටෝ සංවිධානය නිවේදනය කර තිබිණි. 

නැගෙනහිර රුසියාවේ නගරයක් වන වැලැඩිවොස්ටොක්හිදි ආර්ථික සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුද අභ්‍යාසය නිරීක්ෂණය සඳහා පැමිණීමට නියමිතය. ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පින්ග් සහභාගී වී සිටින අතර ඔහු ද යුද අභ්‍යාස නිරීක්ෂණයට පැමිණීමට නියමිත යැයි වාර්තා වේ. 

අද ආරම්භ වූ මෙම යුද අභ්‍යාසය සතියක් මුළුල්ලේ පැවැත්වීමට නියමිතය. “වොස්ටොක් 2018 (නැගෙනහිර 2018)” යනුවෙන් මෙම යුද අභ්‍යාසය නම් කර තිබේ. 

සොල්දාදුවන් 300,000කට ආසන්න පිරිසක් සහභාගී වන මෙම යුද අභ්‍යාසයට යුද වාහන 36,000ක්, නැව් 80ක් යොදා ගැනීමට නියමිතය. ඊට අමතරව ගුවන් යානා, හෙලිකොප්ටර් සහ ඩ්‍රෝන යානා 1,000ක් ද ඊට යොදාගැනේ. 

යුද අභ්‍යාසවලට චීන සෙබළු 3,500කට ආසන්න පිරිසක් ද සහභාගි වී සිටිති.

“දේශපාලන සහ ආරක්ෂක යන අංශවලින් අපත් චීනයත් අතර ශක්තිමත් සහ විශ්වාසවන්ත සබඳතාවක් තිබෙනවා” යැයි රුසියානු ජනාධිපති පුටින් පැවැසීය.

“දෙරටේ මිත්‍රත්වය දිගින් දිගටම ශක්තිමත් වෙමින් තිබෙනවා” යැයි ඊට ප්‍රතිචාර දක්වමින් චීන ජනාධිපති ෂී ජින්පින්ග් කීය.  මෙම යුද අභ්‍යාසවල මොංගෝලියානු සෙබළු ද එක්ව සිටිති. 

රුසියාවට බටහිර රටවල් අතර සබඳතා මතභේද උග්‍ර වෙමින් තිබෙන සමයක මෙම යුද අභ්‍යාසය පැවැත්වෙයි. බටහිර රටවල ක්‍රියාකාරකම්වලට, යුක්රේනයේ සහ සිරියාවේ අභ්‍යන්තර කටයුතුවලට රුසියාව මැදිහත්වීම යනාදිය නිසා රුසියාවත් බටහිර රටවල් අතරත් සබඳතා දැඩි මතභේදාත්මක තත්ත්වයකට ලක්ව තිබේ. 

සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමෙන් අනතුරුව පැවැත්වෙන විශාලතම යුද අභ්‍යාස මෙය යැයි ද පැවැසිණි. මෙම යුද අභ්‍යාසයට “වෝසොව් සම්මුතියේ” සොල්දාදුවන් සහ සෝවියට් සමූහාණ්ඩුවේ සොල්දාදුවන්ගේ සහභාගීත්වයෙන් පැවැති “සාපැඞ් 81 (බටහිර 81)” යුද අභ්‍යාසයට සමාන යැයි රුසියානු හමුදාව සඳහන් කළේය. එම යුද අභ්‍යාසයට සොල්දාදුවන් 100,000ත් 150,000ත් අතර පිරිසක් සහභාගී වූ බව පැවසේ. එම යුද අභ්‍යාසය සෝවියට් සමයේ පැවැත්වුණු විශාලතම යුද අභ්‍යාසය යැයි ද පැවසේ. 

ඒ.එෆ්.පී

055



අදහස් (2)

රුසියාව දැවැන්ත යුද අභ්‍යාසයක

රවින් Wednesday, 12 September 2018 03:07 AM

නේටෝ රුසියාව වටේ මිසයිල සවිකරන්නේ කුරුල්ලන්ට තියන්න වෙන්නැති. ඇමරිකාව ලොවට කරන තර්ජන ගර්ජන හා කෙනහිලිකම්වලට නිසි පිළිතුරු දීමට හැකියාවක් අනිකුත් රටවලට තියනවා කියලා පෙන්වන්න හැකියාවක් මේ අභ්‍යාසයෙන්වත් ලැබේවා!!!

:       1       100

කීර්ති Monday, 17 September 2018 08:49 AM

හොඳයි කාටවත් විනාශයක් නොවේවා.......... කොහොමත් රුසියාව චීනය කියන්නේ හොද රටවල්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 504 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 474 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site