(මනෝප්‍රිය ගුණසේකර / ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක)
පෙරවරු 10.45
හිටපු මුදල් අමාත්‍යවරයා ලෙස පසුගිය බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන කොමිසම හමුවේ සාක්කි දීමට පැමිණි විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක අද පෙරවරු 10.30ට සාක්කි දීම ආරම්භ කළේය.
මීට පෙර කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණද ඒ සඳහා පැමිණිය නොහැකිවීම පිළිබඳව ඇමැතිවරයා සමාව ඉල්ලා සිටියේය. අනතුරුව ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා දන්වා සිටියේ හිටපු මහ බැංකු අධිපතිට ලිපියක් යැවීම, මොනැක් අපාර්ට්මන්ට් හි පදිංචිවීම හා මිලදී ගැනීමට අදාළව සාක්කි දීමට ඇමැතිවරයා පැමිණ ඇති බවයි.
එහිදී රවී කරුණානායක දන්වා සිටියේ අහන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දීමට තමා සූදානම් බවයි.
බැඳුම්කර කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී.චිත්‍රසිරි මහතා ඇමැතිවරයාට දැනුම් දී සිටියේ කොමිසමට සත්‍ය ප්‍රකාශ කළහොත් කිසිදු ගැටලුවක් සිදුනොවනු ඇති බවයි.
පෙරවරු 9.30
හිටපු මුදල් අමාත්‍ය හා වත්මන් විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක අද(2) පෙරවරු 9.30ට පමණ බැඳුම්කර වංචාව පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේය.
මීට පෙර ඔහු බැඳුම්කර කොමිසමට කැඳවා තිබුණද විශේෂ රාජකාරී හේතුවෙන් පැමිණීමට නොහැකි බව දන්වා තිබිණි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ අහිංසක ජනතාවගේ ධනය කොල්ලකන මේ වගේ පට්ට හොරුන්ව කෙලින්ම යවන්න ඕන වැලිකඩ ,,,,,
කව්රු මොනවා කිව්වත් මෙයාල මොන දහන් ගැටයක් ගහල හරි ඕව ඔක්කොම අද ශේප් කර ගන්නවා. අන්තිමට මේ ජවනිකා බලන් හිටපු අපි රැවටෙනවා
රාජකාරිය සහ හෘද සාක්ෂිය මම උගන්වන ග්‍රික නාට්‍යයක තේමාව. මෙය අදටත් අප සමාජයටත් වලංගුයි .හරියට වැඩ කරන්න කොමිසමට ශක්තිය හා බලය ලැබේවා.
මොනවද ඔට්ටු රවී කරුණානායක මුදල් ඇමති තුමා කිසි වංචාවක් කර නැත කියා බැදුම්කර කොමිසමේදී තීන්දු වෙනවා
වැරදිකරු හෝ නිවැරදිකරු මොහු කොමිසම හමුවේ පෙනී සිටීම අගය කල යුතුයි . බලය නැතිවත් තවමත් කොමිසන් සහ පරීක්ෂණ මග හරිමින් ඉන්න රාජපක්ෂලාට මෙය හොඳ ආදර්ශයක් .
මම හිතන්නේ දේශපාලන සදාචාරය ගත්තහම , අප්‍රිකාවේ අන්ත නොදියුණු රටවලුත් ඉන්නේ අපට වඩා බොහොම ඉස්සරහෙන්. ඒවගේ රටක වුනත් මේ වගේ බරපතල චෝදනා වලට ලක් වෙච්ච, විශේෂ විමර්ශනයක් පවතින දේශපාලකයෙකුට තතතුරේ රදවන එකක් නැහැ. රටේ නායකයාටවත්, මේ පුද්ගලයාගේ පක්ෂේ නායකයාටවත් ශක්තියක් නැද්ද, මේ විමර්ශන ඉවර වෙන තුරුවත්, මේ පුද්ගලයාව අයින් කරන්න .
රවි අනිවාර්යෙන්ම බේරෙනවා නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ .....
පැනමා පේපර්ස් නිසා පාකිස්තානයේ අගමැති ඉල්ලා අස්වුණු පුවත ඇහෙනකොට අපේ රටේ නම් සඳහන් වුන අයට කරපු පරීක්ෂණයක් හෝ දඩුවමක් ගැන තවම දන්නේ නෑ. කෙසේ වුනත් වංචා පිලිබඳ සොයා බැලීම හා බලයේ ඉන්න ඇමතිවරයෙක් ඊට මුහුණදීම වැදගත්.
srimala වගේ හිත උදවිය ඉන්නකම් මේ රටේ හොරු රජවෙනවා. ඕනෙම ජඩ වැඩක් කරලා උසාවිය ඉදිරියේ කොට බයක් ගහගෙන ගියාම සුදනා වෙනවද ? රාජපක්ෂලා අඩුම තරමේ රටේ යුද්ධය නිමකරලා , රටට ඉතාම අවශ්‍ය මාර්ග පද්ධතිය 50% ක් නිමකළ ඔවුන්ගේ අවුරුදු 10 ඇතුලත. ඒ ගනිපු ණයවලට කරපු වැඩක් පෙනෙන්න තියෙනවා. විරුද්ධවාදියෝ මොනවා කිවුවත් ඒ වැඩකොටස නිමකලේ නැත්නම් අද රට කොතනද තියෙන්නේ ? මේ රජයට එහෙම අභියෝග තිබුනද ? යුද්ධේ තිබුනද ? උතුරේ බිම්බෝම්බ ඉවත්කරලා මාර්ග සංවර්දනය කරන්න තිබුනද ? රටේ කෘෂිකර්මාන්තය වැටිලා තිබුනද ? නැත. මේ රජය අවුරුදු 2 ට පසුගිය රජය ගත්තාටත් වඩා වැඩි ණය අරගෙන මොනවද කලේ ?
මේ වගේ සුපිරි නාට්‍ය කියක් නම් අපි දැන් බැලුවද? මේක තවත් එක මෙගා නාට්‍යක ආරම්බය පමණයි. අවසානයේදී ප්‍රධාන නළුවට ජයග්‍රහණය අත්වනු ඇත. මෙම නාට්‍ය නැරබු අපට පරාජය අත්වීම සහතිකයි.
මේ පොඩි නාට්‍යයක් කරන්නේ. මේවට රැවටෙන්න එපා .
අන්තිමට අපිට වෙන්නේ කොමිසම් වාර්තාව අරාබි නිසොල්ලාසය වගේ ළමයින්ට රෑට කියවල ළමයි බය කරලා නිදිකරවන්න. වෙනනම් සුගතියක් පෙනෙන්න නැහැ. කොමිසමට ගිය වියදමත් අපිටම තමයි දරාගන්න වෙන්නේ.
අයියෝ අපේ රට ගිය කලක්.. හරිම දුකයි
යහපාලනය කියල ඇවිල්ල බදු වැඩි කරලා බඩු මිල වැඩි කරලා අන්තිමේදී අපිටම කෙලියා
පළමුවෙන්ම මම සතුටුවෙනවා මේ වගේ කොමිසමක් පිහිටුවීම ගැන. මහින්දගේ රජය කාලේදී ඇමතිවරයෙක් පොලිසියටකවත් ගියේ නැත. නීතිය යුක්තිය ඉටුවේද? මෙම කොමිසමට අධිකරණ බලතල නැත. කවද නිතිය යුක්තිය ඉටුවේද?
බොරුවට කෝටි ගණන් සල්ලි වියදම් කරමින් කාලේ කන කොමිසම් අවශ්‍ය නැහැ, වංචාවක් වෙලා කියල සාධාරණ සැකයක් තිබෙනවා නම් උසාවියේ නඩු පවරන්න එතකොට තීන්දුවක් ලැබේ, ඔය පාර්ලිමේන්තුවේ, මාධ්‍ය හරහා බොරුවට අපි රවටන්න කුලල් කාගත්තට පක්ෂ විපක්ෂ දේශපාලකයෝ සේරම එක පැලැන්තියක් , ඔය කොමිසම අධිකරණයේ නඩු පැවරුවොත් රිමාන්ඩ් එකට යන්න වෙන නිසාත් අන්තිමට හිරේ යන්න වෙන නිසාත් ඉන් ගැලවෙන්න යහළුවෝ ආරක්ෂා කරගන්න බොරුවට කාලේ කන්න හදපු එකක්
පෙනෙන්නේ නම් වීර කමක් කල වීරයෙක් වගෙයි.
මේවා දැක්කම ඉහ මොළ රත්වෙනවා . මේ කොමිසමේ මාස ගණනක් ගෙවල උසාවියට යාවි ! උසාවියේදී අවරුදු ගණනක් ගෙවල නිවෙරදි කරයේ වේවි. අපි උඩට කට ඈරන් බලන් ඉදිවී. මිලිටරි ජුන්ටාවක් අවනම් මිට වඩා හොඳ යි.
අපි කට ඇරගෙන බලන තිරපිටපත ලියා අවසන් තවත් එක නාටකයක් පමණි.
අද බොහෝ දෙනෙක් පාර්ලිමේන්තුවට එන්නේ මහජනයාට වඩා තමන්ගේ සුබ සිද්දියටයි. මෙය බොහෝ තුන්වන ලෝකයේ රටවල සිදුවන දෙයක්. මේ පුද්ගලයා අග්‍රමාත්‍යවරයට ලගින්ම සිටි කෙනෙක් බැවින්, පක්ෂ නායකයා මොහුගේ ක්‍රියා කලාපය ගැන නොදැන සිටියයි සිතිය නොහැකියි. මෙවැනි පුද්ගලයින් නෙරපා හැරියත්, තවත් මෙවැනි පුද්ගලයින් ලංකාවේ දේශපාලනයට රිංගීම වැලැක්විය නොහැකි යන්නයි මගේ මතය.
අහිංසක මිනිහෙක් රුපියල් 500ක් වංචා කලත් හිරේ. මෙව්වා මේ හැමෝටම පෙන්න කරන විකාර.
වරදට සමාව, පොල්ගඩියක් හොරකමට අවුරුදක් හිරේ, මහා බැංකු හොරාට වරදට සමාව මෙය යහපාලනය නංවෙඉ
අන්තිම ෆොටෝඑක දැක්කහම අලිබබා සහ හොරු 40 දැක්ක වගේ
පේනවා නේද අපේ රටේ හොරුන්ටත් පුදුම පිළිගැනීමක් නේ තියෙන්නේ.4,5 චායාරුපවලින් ඉතා පැහැදිලිව අපහට දැකගත හැක.බලන්නකෝ කොච්චර පින්වන්ත මුණක් ද ලෝකේ හොදම මුදල් ඇමති වන රවී " මහත්තයට " තියෙන්නේ. බලන්නකෝ ඒ මුනේ තියන " අවංක " බවය .
මෙයා බැසිල්ගේ මල්ලි. කෙනෙක්ද කොහෙද. ඔක්කොම එකයි. මිලියන ගානක් වටිනා ගෙදරක පදිංචි උනා. අනේ ගෙදර වටිනාකමවත් දන්නේ නැහැ නේ. තොත්ත බබා. මේ වගේ හොර තක්කඩියෝ ඉන්න කොට රටට මොනවද වෙන් නේ. අන්න විදේශ අමාත්‍යංශයේ වෙබ් සයිට් එක මෙයාගේ බූදලයක් වගේ පාවිච්චි කරනවා. ජනාධිපති තුමා මගේ කොමෙන්ට් එක දකීද දන්නේ නෑ..
පව් මේ අහින්සකයෙක්වනෙ හොරකමකට ගාවල තියෙන්නෙ. හරී පව්.............. අහින්සක මිනියෙක්........
කිරි සප්පයා හරහට වඩාගෙන කිරිටිකක් පෙව්වානම් හොඳයි. අාසියාවේ හොඳම මුදල් අැමැතිතුමා. අනේ අම්මපා මේ වගේ අයට නැවතත් රට බාරදුන්නනේ...
හොරුන් වැනි නුසුදුසු අය වහාම හිරේ දමා ආණ්ඩුව ආදර්ශමත් විය යුතුයි.
ජනාධිපතිතුමාට කොන්දක් තියෙනවානම්, දැන්වත් තාවකාලිකව ඇමැතිකමෙන් අයින් කරලා මෙයාගේ ඇමැතිකම පවරාගන්න ඕනෑ.
ඔහුගේ මුහුණේ තිබෙන හිනාවෙන් කියන්න පුළුවන් ඔහු නිවැරදි කාරයෙක් වෙන බව... ජනාධිපතිතුමාත් මුරුංගා අත්තේ තියාගෙන තමයි ඉන්නේ...