(නිමන්ති රණසිංහ)


මහබැංකු බැඳුම්කර කොමිසම හමුවේ වැරදි සාක්කි ලබා දුන්නැයි චෝදනාවට  පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට එරෙහිව සිදු කරනු ලබන විමර්ශනවලට අධිකරණයෙන් තාවකාලිකව අත්හිටුවා තිබු   නියෝග තව දුරටත් ක්‍රියාත්මක කරනවාද නැද්ද  යන්න පිළිබඳ  තීන්දුව ලබන 04 වැනිදා ලබා දෙන බව  කොළඹ  ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා  අද (28) නියෝග කළේය.


මෙම සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ලිඛිත දේශන ලබන 01 වැනිදාට පෙර අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට බාර දෙන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.