(තරිඳු ජයවර්ධන සහ ටෝනි කරුණානායක)
රිවිර පුවත්පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහර දීම සම්බන්ධයෙන් අද අධිකරණයට ඉදිරිපත් කළ යුද හමුදා බුද්ධි අංශ මේජර් ප්‍රභාත් සීවලී බණ්ඩාරනායක දිසානායක බුලත්වත්ත මහතා ලබන 07 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා අද(31) නියෝග කළේය.
මේජර් බුලත්වත්ත මහතා මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීමේ සිද්ධියට පළමු සැකකරු බවත් ඔහු මෙම නඩුවේ දෙවැනි සැකකරු ලෙස නම් කර ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන පාට කන්නාඩි නිසා ඇස් වැසුණු සමහරුන්ට 'රණ විරුවන්' සහ 'මරුවන්' අතර වෙනස තේරුම් ගත නොහැකි වීම හෝ ඕනෑකමින්ම නොතේරුනා සේ සිටීම තමයි ලොකුම අභාග්‍යය. රණවිරුවන් දංගෙඩියට යවන්නේ නැහැ කියන එකෙත් මරුවන් නීතිය ඉදිරියට ගෙනෙනවා කියන එකෙත් අමුතු දෙයක් නැහැ. විය යුත්තේ එක තමයි.
මෙම ප්‍රවෘත්තිය නැරඹීමේදී දැන්වීමක් ප්‍රදර්ශනය කිරීමෙන් කරන හිරිහැරයට මාගේ විරුද්ධත්වය පළ කරමි.