අජිත්ලාල් ශාන්තඋදය
රත්නපුර කලවාන ප‍්‍රධාන පාරේ මාරපන ප‍්‍රදේශයේ දී අද (14) අලූයම නිවිතිගල සිට රත්නපුර දෙසට ගමන් කළ ඩිෆෙන්ඩර් වර්ගයේ මෝටර් රථයකට කිසියම් පිරිසක් වෙඩි තබා ඇතැයි නිවිතිගල පොලිසිය කියයි.
වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් වී නැත. නිවිතිගල ප‍්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුට අයත් ඩිෆෙන්ඩර් රථයකට මෙලෙස වෙඩි තබා ඇති බව ද පොලිසිය කියයි.
සිද්ධිය වන අවස්ථාවේ මෝටර් රථයේ ගමන් කර ඇත්තේ ව්‍යාපාරිකයාගේ පියා සහ තවත් පුද්ගලයෙකි.
වෙඩි තැබීම සිදුකර ඇති අපරාධකරුවන් මෝටර් රථයකින් පැමිණ ඇති බවට තොරතුරු ඇති බව පොලිසිය කියයි.
වෙඩි තැබීමෙන් පසු අපරාධකරුවන් පලාගොස් ඇත. ඔවුන් කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. සිද්ධිය සම්බන්ධයෙන් නිවිතිගල පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඔළුවක මිල සෑහෙන්න පහල බැහැලා. ලංකාවට යන්නත් බයයි කොහේහෝ ඉන්න තරහ කාරයෙක් සොච්චම් මුදලකට මගේ ඔලුවත් කුඩු කරයි කියලා. රාළහාමිලා ප්‍රසිද්ධියේ භාවනා කරනකොට යක්කු පිනුම් ගහනවා.