(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට ‘මොනෑක් රෙසිඩන්සි’ හී අර්ජුන් ඇලෝසියස් මහතා නිවසක් ලබා දී ඇති බව තමා දැනගත්තේ ජනමාධ්‍ය වලින් යැයි බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා අද (10) පැවසීය.
ජාතික සේවක සංගමයේ විධායක කමිටු සාමාජිකයෙක් වන සමන් කුමාර සේවක අර්ථ සාධක අරමුදලේ ප‍්‍රධාන ගැනුම්කරු ලෙස පත් කළේ සේවක අර්ථ සාධක අරමුදලේ ප‍්‍රධානියාගේ ඉල්ලීමට යැයිද සෘජු ස්ථාන ගත කිරීමේ ක‍්‍රමවේදයට එරෙහිව ප‍්‍රාථමික ගැනුම්කරුවන් කළ පැමිණිලි සම්බන්ධයෙන් තමන් සාකච්ඡා කළේ යැයිද ඒ මහතා පැවසීය.
පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන තමාගේ මිණිපිරියගේ උපන්දින උත්සවවලදී මෙන්ම ප‍්‍රාථමික ගැනුම්කරුවන්ගේ රැස්වීම්වලදීත් මුණ ගැසී ඇතැයි ඒ මහතා කීය.
COMMENTS
අපි නම් දැනගත්තේ පත්තරෙන්.
....තීරණ පවා එහි අධිපති පත්තරෙන් දැන ගන්න රටේ ඔය කාරණාව සුළු දෙයක්!
පවු අප්පා හරි අවංක මනුස්සයෙක් හරි අහිංසක පාටයි.
පාලම හොරු දේශපාලකයෝ ඉන්න ජරාම රටක්.
මේ බොරුකාර හොරු ටික සැක පිට අත්අඩංගුවට අරන් නඩු පවරන්නේ නැතුව , නිකන් අපේ බදුසල්ලි වියදම් කරමින් නාඩගම් නටනවා
ජනමාධය ඇමති ජනපති කරවමු
අපිනම් දැනගත්තේ "රවීගේ" කටින්ම තම .උන්දැ කිවුවේ ගෙයක්ද වැසිකිලියක් ද ගත්තේ මතක නැහැ කියල.නමුත් නිදාගෙන හිටියේ අල්ලපු ගෙදර ඇදෙ කියල.
කොහොම කොහම හරි අගමැතිතුමා අපයටම තල්ලුකරා
මේකෙන් වුණේ අගමැති ජනපති වීමට තවත් ප්‍රමාද වූ එකයි.......
දවල්ද ?
පත්තරෙන් නෙවෙයි ද?
මට මතක නැහැ, මම දන්නේ නැහැ, මම දැක්කේ නැහැ, මේවා අපේ රටේ ප්‍රසිද්ද අයට වැළදෙන රෝග කිහිපයක් මේවා අහලම දැන් ඇතිවෙලා