(මහින්ද නිශ්ශංක)
දුම්රිය රියදුරකු සහ රියදුරු සහායකවරයකු අතර ඇතිවූ මත ගැටුමක් දුරදිග යාමෙන් රියදුරු සහායකවරයා සමග වැඩ කිරීම ප්‍රතික්ෂේප කරමින් මරදාන දුම්රිය විදුලිබල ධාවනාගාරයේ ලොකොමෝටිව් ඔපරේටිං ඉංජිනියර්ස් රියදුරු සංගමයේ රියදුරෝ අද(12) පස්වරුවේ පැය තුනක පමණ කාලයක් වැඩ වර්ජනයේ යෙදුණහ.
ඉකුත් 8වැනිදා රියදුරු පුහුණුවන අයකු සම්බන්ධව රියදුරු හා රියදුරු සහායකයා අතර මත ගැටුමක් හටගෙන ඇති අතර රියදුරු සහායකවරයා සමග රාජකාරී කළ නොහැකි බව දුම්රිය රියදුරන් බලධාරීන්ට දැනුම් දී තිබේ. පසුව බලධාරීන් රියදුරු සහායකවරයා ධාවනාගාරය තුළ සේවයට යොදවා ඇති අතර නැවත ඔහු විවෘත මාර්ගයේ රියදුරන් සමග රාජකාරියේ යෙදවීම වර්ජනයට හේතුවූ බව ලොකොමෝටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය.
වර්ජනය සිදුකළ කාලයේ රඹුක්කන හා අලුත්ගම දෙසට ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය දෙකක් අවලංගු වූ අතර දුම්රිය කිහිපයක් පැයක පමණ කාලයක් ප්‍රමාදවූ බවද වාර්තා වේ.
COMMENTS
විනයක් නැති රටක්, විනය ක්‍රියාත්මක කරන්න ගියාම වෘත්තීය සංගම් හා දේශපාලකයන්ගේ බලපෑම්, කවදාද මේ රට සිංගප්පූරුව වගේ විනයක් ඇතිව ඉදිරියට යන්නේ?
මේ රටේ විනය තකන්නේ නෑ. පඩිය තකාමයි වැඩකරන්නේ... ඒ නිසා කලබල වෙන්න දෙයක් නෑ.
දැන් දුම්රිය සහායක රියදුරන්ගේ සංගම් තමන්ගේ සාමාජිකයා විවෘත මාර්ගයේ දුම්රිය ධාවනයට යොදවන්න කියලා වර්ජනය කලොත් බලධාරීන් මොකෝ කරන්නේ?
පලවෙනි වේදිකාවට දැන් පැමිණි දුම්රිය "ඔහෙන් තියන්න" කියල කිව්වලු. බැලින්නම් පියන් නිවේදකයාට තේ එක ගෙනල්ලලු .
මට හිතාගන්න බෑ මේ ආණ්ඩුවේ තැන් වල වැඩ කෙරෙන්නේ කොහොමද කියලා. රට නොදියුණු වෙන එක පුදුමයක්යැ. කෝච්චියේ ඩ්‍රයිවර්ලයි සහායකයොයි තරහයි. ඒ ඔක්කොම ගාඩ්ලා එක්ක තරහයි. මේ තුන් ගොල්ලම ස්ටේෂන් මාස්ටර්ලා එක්ක ඔරොප්පුයි. දොස්තරලයි, නර්ස්ලයි වලි. ඒ දෙගොල්ලොම ඇටෙන්ඩන්ලා එක්ක වලි. කන්තෝරුවල අර ශ්‍රේණියේ මේ ශ්‍රේණියේ අය අතර වලි. ෆින්ගර් ප්‍රින්ට් රීඩර් ගේනවට කැමති නෑ. කම්පියුටර් සිස්ටම් වලට කැමති නෑ. අනේ කාලේ වනේ වාසේ
මේ අයව අයින් කරලා 50%ක්ම රියදුරන් පිටරටින් ගෙන එමු.