(ටෝනි කරුණානායක)
ගිනි අවි ආඥා පනත යටතේ අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් භාරයේ සිටින බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රන්දීර් ආසිරි රුද්‍රිගු ජනවාරි 9වැනිදා පැවැත්වෙන බස්නාහිර පළාත් සභා මාසික රැස්වීමට සහභාගී කරවන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද(27) මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළාය.
දිවුලපිටිය හේන්පිටගෙදර ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකා නිලධාරීන් සහ ආයුද සන්නද්ධ කල්ලියක් අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී විශේෂ කාර්ය බළකා නිලධාරියකුගේ වෙඩි පහරින් පුද්ගලයකු මියාමේ සිද්ධියකදී එම ස්ථානයේ රැඳී සිටීම නිසා ඔහු අත්අඩංගුවට පත්ව සිටී.
ඔහු ඇතුළු සැකකරුවන් 11 දෙනකු ලබන ජනවාරි 9 දක්වා යළි රිමාන්ඩ් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියම කළාය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.