හරාරේහිදීය (රොයිටර්)
වසර ගණනාවකට පසු රොබට් මුගාබේගේ නම ඡන්ද පත්‍රිකාවේ නොමැතිව සිම්බාබ්වේහිදි පැවැත්වෙන පළමු මැතිවරණය අද (30) පැවැත්වෙයි.
පසුගිය නොවැම්බර් මාසයේදී හමුදා කුමන්ත්‍රණයකින් රොබට් මුගාබේගේ හතළිස් වසරක පාලනය අවසන් කිරීමෙන් පසු පැවැත්වෙන පළමු මැතිවරණය වන්නේ ද මෙයයි.
අසමත් ආර්ථිකයකට හිමිකම් සිම්බාබ්වේ ගෝලීය මට්ටමේදී ‘ගෝලීය නොසණ්ඩාලයා’ යන නමින් හඳුන්වයි. මෙවර මැතිවරණය එම කනගාටුදායක තත්ත්වයෙන් රට මුදා ගනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු දල්වා සිටිති.
ජනාධිපතිවරයා තෝරාගැනීමට අමරතව පාර්ලිමේන්තු මැතිවරණය සහ සිම්බාබ්වේ පළාත් මැතිවරණය ද පැවැත්වේ.
ජනාධිපති සටනේ ප්‍රමුඛතම සටන්කරුවන් දෙදෙනා වී ඇත්තේ 75 වැනි වියේ පසුවන වත්මන් ජනාධිපති එමර්සන් ම්නන්ගග්වාය. ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වී ඇත්තේ 40 හැවිරිදි වියේ පසුවන නීතිඥවරයකු ද වන නෙල්සන් චාමිසාය. ඔහු හිටපු ජනාධිපති මුගාබේගේ සමීපතමයකු ද වේ. හෙතෙම සිම්බාබ්වේහි ළාබලතම රාජ්‍ය නායකයා වීමේ අපේක්ෂාවෙන් සිටී.
සමීක්ෂණ වාර්තාවලට අනුව හිටපු බුද්ධි අංශ ප්‍රධානියා ද වන එමර්සන් ම්නන්ගග්වා ඉතා කුඩා සීමාවකින් ජයගනු ඇතැයි පැවසේ. පළමු වටයේදී කිසිදු අපේක්ෂකයකුට ඡන්ද වලින් අඩකඩ වඩා දිනාගැනීමට නොහැකි වුවහොත් දෙවැනි වටය පැවැත්වෙයි. දෙවැනි වටය සැප්තැම්බර් 8 වැනිදා පැවැත්වීමට නියමිතය.
ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒමටත් සෘජු විදෙස් ආයෝජන ආකර්ෂණය කරගන්නා බවට ම්නන්ගග්වා පොරොන්දු වී තිබේ. එරට තිබෙන වාර්ගික හා ගෝත්‍රික බෙදීම් නිවැරැදි කිරීමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කර ඇත.
කෙටි කාලයකදී ඉහළ ජනප්‍රියත්වයක් හිමි කරගත් චමීසා අනුහස් ඇති කථිකයකු ලෙසින් හැඳින්වේ. හෙතෙම තරුණයන්ගේ සහ විරැකියාවෙන් පෙළෙන්නන්ගේ ඡන්ද දිනාගනු ඇතැයි පැවසේ. එමෙන්ම දශක හතරකට ආසන්න කාලයක සානු පී.එෆ් පක්ෂ පාලනය නිසා පීඩාවට පත්වූ බොහෝ දෙනෙකු චමීසාට ඡන්දය භාවිත කරනු ඇතැයි වාර්තා වේ.
එමර්සන් මෙන්ම රොබට් මුගාබේ දෙදෙනාම සානු පී.එෆ් පක්ෂයෙන් වුවත් ඉරිදා (30) විශේෂ ප්‍රකාශයක් කරමින් තමන් විපක්ෂයට සහාය දක්වන බව රොබට් මුගාබේ පැවැසීය.
විපක්ෂ නායක ද චමීසා නියෝජනය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් සඳහා ව්‍යාපාරය (එම්.ඩී.සී) පක්ෂයයි.
2025 දෙසැම්බර් මස 18
677
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රොබට් මුගාබේගේ නම ඡන්ද ලැයිස්තුවෙන් ඉවතට
ශානක Monday, 30 July 2018 08:24 AM
මීට කලින් ඉවත් කරනන් තිබුණේ. සිම්බාබ්වේ රට කෑවා
පිටිගල මිලානෝ Monday, 30 July 2018 08:31 AM
අපේ මුගාබේට නම් ඥාති පරම්පරාවක් හිටියත් තමාට නැති තැන කාටවත් දෙන්න කැමති නැහැ.