(රංජන් කස්තුරි )
මිල්කෝ අයතනය සතු රුපියල් කෝටි 50 ක පමණ වටිනාකමකින් යුතු කිරිපිටි තොගයක් භාවිතයට ගත නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන ඒකකය අද (05) පරීක්ෂණයක් අරඹා තිබේ.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධක සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බව ජනාධිපති විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ රූබන් වික්‍රමාරච්චි මහතා පැවසීය.
විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඊයේ මිල්කෝ ආයතනයට ගොස් අදාල විමර්ශනය ආරම්භකළ බවද වික්‍රමාරච්චි මහතා කීවේය.
පැකට් 40,000 ක් හා පැකට් නොකළ කිරිපිටි කිලෝ ලක්ෂ 25ක්ද ගබඩා කර ඇති අතර ඒවා භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත්ව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය තවත් වැසිනැති හෙනගහන මහා අපරාධයක්. ස්ථිර වශයෙන්ම දේශපාලකයෙක් මේකට සම්බන්ධ ඇති.....
අහ!!!!! කිරිපිටි ගණන වැඩි වෙනකම් තියාගෙන ඉඳල වෙන්න ඇති නරක වුනේ
දේශීය සමාගම් වලට වල කපන්නේ නිලධාරීන් සහ දේශපාලයකයන්ම තමයි. මොකද ලොකු ලොකු කුට්ටි හම්බවෙනවා මේවා බංකොලොත් කරනවාට විදේශීය සමාගම් වලින්.
පරිපාලනයේ දුර්වලකම්.
හයිලන්ඩ් කිරිපිටි පැකට් එකක් වෙළදපොලේ හොයා ගන්න හරිම අමාරුයි. කඩවල් දහයකට ගියොත් එකක හරි දෙකක තමයි තියෙන්නේ. කඩේකින් ඇහුවම කියන්නේ" බඩු එන්නේ නැහැනේ " කියලා. එහෙම තත්වයක් තියෙන කොට කිරිපිටි කිලෝ ලක්ෂ 25ක් නරක් වෙන්න ඉඩ ඇරලා තියෙනවා කියන්නේ මේක තනිකරම කුමන්ත්‍රණයක්. කිරිපිටි ගේන බහු ජාතික සමාගම් වලින් අල්ලස් අරගෙන හයිලන්ඩ් වෙළදපොලට යන එක වැලක්වීමේ වැඩ පිලිවෙලක් බලධාරින්ගේ හා නිළධාරින්ගේ අනුමැතිය ඇතිව ක්‍රියාත්මක වෙන බවයි පෙනෙන්නේ.
කිරිමණ්ඩලයට මිල්කෝ කියලා හමක් පෙරෙව්වට එදා සිට අද දක්වාම එතුල සිදුවෙලා තිබෙන්නේ දුෂණයන්ය. එම ආයතනයේ බහුතරයක් සේවය කරන්නේ ඉගෙනීමක් නැති දේසපාලක හිතවතුන් චන්ඩින් මැරයන්, හොරුන්, කුඩුකාරයන් වැනි පුද්ගලයන්ය. ඉතින් කෙසේද ආයතනයක් දියුණු වෙන්නේ ?
සුළු දෙයක්නේ? ඒ කොටි 50 කිරිපිටි ගෙනාපු රටට ගෙවල ඉවරයිනේ? දැන් මේ ප්‍රශ්නේ නිසා කිරිපිටි හිඟයක් ඇතිවීම වලක්වන්න තව කොටි 50ක් ගෙවලා ආයෙත් කිරිපිටි ගෙන්වමු.
ඔය ටිකත් කුණු කොල්ලෙට දෙයි ඉස්සෙලා නරක් වෙච්ච වී බියර් හදන්න කුණු කොල්ලෙට දුන්න වගේ දේශපාලකයෙක්ගේ ඥාතියෙකුට අයිති ෆාම් එකකකට සත්තුන්ට දෙන්න. අනේ අපේ බදු සල්ලි නැද්ද හා.
මිල්කෝ කියන්නේ හයිලන්ඩ් කිරිපිටි නිෂ්පාදන ආයතනය නේද? අකාර්යක්ෂම බව නිසා අපතේ යන දේශීය සම්පත් නිසි ලෙස කළමනාකරණය කරන්නට 2018 දීද අපට නොහැකි වීම කනගාටුවකි.