(විනීතා එම් ගමගේ)
දිවයින පුරා බන්ධනාගාරවල රැඳවියන්ගේ ප‍්‍රශ්න විසඳිම සඳහා ඍජුවම මැදිහත් වීමේ වැඩ සටහනක් ආරම්භ කරන බව අධීකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවැසුවාය.
බන්ධනාගාර ගතව සිටින රැඳවියන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පිළිබඳ ප‍්‍රශ්න මෙන්ම බන්ධනාගාරයෙන් සිදුවන යම් අසාධාරණයක් සිදුවී නම් ඒවා පිළිබඳව සාධාරණය ඉටුකර ගැනීමට නිසි ක‍්‍රමවේදයක් නොමැති කමින් රැඳවියන් අසීරුතාවයට ලක්වන බව ද ඇය කිවාය.
මේ තත්ත්වයන් මඟ හැරීම සඳහා නව වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරිය කීවාය.
අතුකෝරල මහත්මිය මේ අදහස් පළ කළේ බූස්ස බන්ධනාගාරයේ පවතින අඩුපාඩු පිළිබඳව සොයා බැලීම සඳහා එහි කළ නිරීක්ෂණ චාරිකාවකින් පසුව මාධ්‍ය අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැඳෙවියන්ට මොන ප්‍රශ්නද? ස්මාට් ෆෝන් ටික ලැබිලා, කුඩු ටික වෙලාවට ලැබිලා තමන්ගේ බිස්නස් එක ජයටම කෙරෙන කොට කොහෙද ඇමතිතුමිය ඔවුන්ට ප්‍රශ්න...?
රැඳවියන්ට නෙමේ ප්‍රශ්නේ තිබෙන්නේ ඔවුන් හිරේ ඉඳන් ස්මාර්ට් ෆෝන් භාවිතා කරමින් අපෙන් කප්පම් ඉල්ලන නිසා එළියේ ඉන්නේ අපට, මේ තත්වයට ප්‍රධාන වශයෙන් වගකිව යුත්තේ ඔබයි. ඔබට ඔය බන්ධනාගාරය හරි හැටියට පාලනය කරගන්න බැරිනම් ඉන්න නිලධාරීන් ගෙදර යවලා අලුත් පුද්ගලයින් පත්කර ගන්න. එසේත් නැතිනම් ඔබතුමිය ගෙදර යන්න.
වැරදි කරලා දඬුවම් විඳින අය ගැන ඇමතිතුමියට තියෙන කැක්කුම ඒ මිනිසුන්ට ගොදුරු වෙච්ච අහිංසක මිනිසුන්ට නැහැ..
බන්ධනාගාරවලට අනවශ්‍ය පහසුකම් ලබාදීමෙන් වෙන්නේ මිනිසුන් වැරදි කරන්න බය නැතිවෙන එකයි. දැනුත් සමහරුන්ට හිරේ යනවා කියන එක සුළු දෙයක් වගේ. එහෙම අයට තව තවත් පහසුකම් ලැබීමෙන් වෙන්නේ ඔවුන් වැරැද්දක් කරන්න තියෙන බය තව නැති වෙනවා කියන එකයි.
අනිවාර්යයෙන්ම ..! හොඳට කන්න බොන්න අඳින්න දීල ..කුඩු, ගංජා සහ ජංගම දුරකථන.. එහෙම අමතක කරන්න එපා හොඳේ..